ගෙදරට ගෑස් ටැංකියක් ගේන්න බෑ කී සැමියා අනියම් බිරිඳට ගෑස් ටැංකියක් ගැනීමට පෝලිමේ සිටියදී තම බිරිඳට අසුවීමේ පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.
තම නිවසේ ගෑස් ඉවරවීගෙන යන බැවින් ගෑස් ටැංකියක් ගැනීමට පෝලිමට යන ලෙස තම සැමියාට ඇය පැවසුවාය. එහෙත් ඔහු පැවසුවේ ගෑස් ටැංකිය ඉවර නැති බැවින් හදිසියේ ගෑස් සොයන්න පෝලිම්වල ඉන්න අවශ්‍ය නැති බවත් ඉදිරි දිනවල ගෑස් එන බැවින් කලබල නොවිය යුතු බවත්ය.
ඔහු පසුදින රැකියාවට ගියේය. එහිදී ඔහුට අනියම් බිරිඳගෙන් දුරකථන පණිවිඩයක් ලැබුණි. ‘‘ගෑස් ඉවර වුණා. ගෑස් ටැංකියක් ගෙනත් දෙන්න කියා ගෑස් තිබෙන ස්ථානයද ඇය පැවසුවා. එම ස්ථානය කිලෝමීටර් 8ක් පමණ දුරකින් යුතු ගෑස් අලෙවි නියෝජිත ස්ථානයකි.
කෙසේ නමුත් සේවයේ යෙදී සිටි ඔහු සවස්වරුව නිවාඩු ලබාගෙන අනියම් බිරිඳගේ නිවසට ගොස් හිස් ටැංකියද ලබාගෙන තම යතුරුපැදියෙන් අදාළ ස්ථානයට ගියේය. එහි දිගු පෝලිමකි. අනතුරුව පෝලිමේ සිටි ඔහු තම වාරය පැමිණෙන තෙක් රැඳී සිටියේය.
ඒ වනවිට උදේවරුවේ පෝලිමේ සිටි අයට ගෑස් නිකුත් කරමින් තිබිණි. පෝලිමේ සිටියදී මොහුගේ අසල්වැසියකු ගෑස් ලබාගෙන යන ගමන් මෙම පුද්ගලයාටද කථා කළේය.
තමා ගෑස් ගැනීමට පැමිණි බව ඔහු කීය.
අසල්වැසියා ගෑස් ලබාගෙන නිවසට යන අතුරතුරදී පෝලිමේ සිටි පුද්ගලයාගේ නිවස ඉදිරිපිටින් යන ගමන් එම පුද්ගලයාගේ බිරිඳ ඉදිරියට පැමිණ ගෑස් තිබෙන්නේ කොහේද යැයි විමසුවාය.
ඇයි ඔයාගේ මහත්තයාත් පෝලිමේ ඉන්නේ. මම කථා කරලනේ ආවේ. අහවල් තැන ගෑස් තිබෙනවා යැයි පැවසීය.
කලබලයට පත් බිරිඳ තම ස්වාමියා සොයා ගියාය. ඒ වනවිට ගෑස් පෝලිමේ සිටි ඔහු ළඟට ගිය බිරිඳ ‘‘තමුසේ කාටද ඕයි ගෑස් ගන්න ආවේ’’ තමුසෙට ගෙදරට එකක් ගේන්න කිව්වාම නිවාඩු නැහැ කීවා.’’ යැයි තරහෙන් යුතුව ඇය පැවසුවාය.
තැනට සුදුසු නුවණ පහළ වූ ඔහු මෙසේ පැවසීය.
‘‘කෑ ගහන්න එපා. මම වැඩකරන තැන බොස් මට කීවා ගෑස් එකක් ගෙනත් දෙන්න කියල. රාජකාරි නිවාඩුවක් එක්ක මගේ අතටත් රුපියල් දාහක් වැඩිපුරත් දුන්නා.
ගෑස් පෝලිමේ සිටි අයටත් සිනා පහල විය. කෝපයට පත් බිරිඳ ‘‘හොඳයි මම බලාගන්නම්කෝ’’ යැයි පවසමින් යන්නට ගියාය.
2025 නොවැම්බර් මස 04
65
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2015
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගෙදරට පිටුපා අනියම් බිරිඳට යුතුකම් කරන්න ගිහින් අතේ මාට්ටු වෙලා