IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පුතුගේ පෙම් ගින්න නිවන්න ගිහින් අම්මා ඇදගෙන නාගෙන

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
ප්‍රේම සම්බන්ධතාව හේතුවෙන් කන්නේ බොන්නේ නැතිව කල්පනා කරමින් සිටින පුතාට අසනීපයක්වත් සෑදේ යැයි සැක සිතා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින පාසල් ශිෂ්‍යාවක කැන්දාගෙන ඒමට කතිකා කර ගැනීමට නිවෙසකට ගොස් ඇතැයි කියන මවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.


කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 58 හැවිරිදි තිදරු මවක් දරුවන් දෙදෙනකු සමග නිවසේ පදිංචිව සිටියාය. ඇගේ ස්වාමි පුරුෂයා යුරෝපා රටක වැඩිමහල් 30 හැවිරිදි පිරිමි දරුවා සමග රියදුරු රැකියාවක් කරන්නේය. නිවෙසේ පදිංචිව සිටින්නේ දෙවැනි පිරිමි දරුවා සහ තෙවැනි පිරිමි දරුවා සමගය. වයස අවුරුදු 24 වූ දෙවැනි දරුවා වරකාපොළ ප්‍රදේශයේ ප්‍රධාන පොළේ ඇඟලුම් ආයතනයක සේවකයන් බඳවා ගැනීමේ අංශයක සේවය කරයි. 


මෙම තිදරු මවගේ දෙවැනි පිරිමි දරුවා වන ඇඟලුම් ආයතනයේ සේවය කරන කඩවසම් තරුණයා මීට මාස දෙකකට පමණ ඉහතදී  බුලත්කොහුපිටිය ප්‍රදේශයේ ගමක ප්‍රජා ශාලාවක ආධුනික සේවක සේවිකාවන් බඳවා ගැනීමකට ගොස් තිබුණි. එම ප්‍රජා ශාලාවට වැඩිමහල් සහෝදරිය සමග පැමිණ සිටි පාසල් ශිෂ්‍යාවකට නෙත ගිය තරුණයා ඇය ප්‍රජා ශාලාවෙන් පිට වෙද්දී දුරකතන අංකය දුන්නේය.


පාසල් ශිෂ්‍යාව දිනක් මව්පියන් නිවෙසේ නොමැති අවස්ථාවක හොර රහසේ තරුණයා දුන් ජංගම දුරකතනයට ඇමතුමක් ගෙන විසන්ධි කළාය. තරුණයා තමාගේ දුරකතනයට ඇමතුමක් ගෙන විසන්ධි කළේ කවුදැයි බලන්න යළි ඇමතුමක් ගත්තේය. පසුව පාසල් ශිෂ්‍යාව සියලු‍ විස්තර පැවසුවාය.


 තමන් මෙම වසරේ ඔක්තෝබර් මස පැවැත්වෙන උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින බවත් තමන් කැමැත්ත ප්‍රකාශ කර සිටියත් මව්පියන්ගේ අනුමැතිය අනිවාර්යයෙන්ම ලබා ගත යුතු බවත් පෙම්වතාට පාසල් ශිෂ්‍යාව පැවසුවාය. 


පාසල් පෙම්වතිය කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තියාගෙන සිටින තරුණයා සෑම විටම ඒ සම්බන්ධයෙන් කල්පනා කරන්නට විය.


පසුව තරුණායා ඇඟලුම් ආයතනයේ රැකියාවට පවා යාමට අදි මදිකමක් දැක්විය. කෑම බීම නොගෙන නිවෙසේ කාමරයට වී සිටින්නට පටන් ගත්තේය. කන්නේ බොන්නේ නැතිව කාමරයට වී සිටින්නේ මන්දැයි මව තරුණයාගෙන් විමසීමක් කළාය. එහිදී තරුණයා සිය මවට කාරණාව කියා ඔහුගේ බලවත් ඉල්ලීම පරිදි ත්‍රිරෝද රියකින් ගොස් ශිෂ්‍යයාවගේ නිවෙසට ගියාය. පසුව නිවෙසට පැමිණි නාඳුනන කාන්තාව පිළිබඳ විමතියට පත් මව්පියෝ ඔබ කවුරුන් දැයි විමසීමක් කළහ. එහිදී තරුණයාගේ මව සියල්ල හෙළි කළාය.


තාම දුව කෑගල්ල ප්‍රදේශයේ පාසලක ඉගෙන ගන්නවා. මේ පාර උසස් පෙළ විභාගය ජීව විද්‍යා අංශයෙන් ලියන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. දුව ඉදිරියේදී වෛද්‍යවරියක වෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. තාම අපි ඒ ගැන සිහිනෙකින්වත් හිතලා නෑ. වහාම පුතාට කියන්න හිතින් ඒ අදහස අයින් කර ගන්න කියලා. තරුණියගේ මවගේ උණුසුම් වචන හමුවේ තරුණයාගේ මව නිවෙසින් පිට වී ආපසු නිවෙස බලා පැමිණ ඇත්තේ තරුණයාටද දෙස් දෙවොල් තබමිනි.

 



අදහස් (0)

පුතුගේ පෙම් ගින්න නිවන්න ගිහින් අම්මා ඇදගෙන නාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17955 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site