IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


නැන්දම්මා තෙල් හොයද්දී බෑණාට දවල් තරු පෙනිලා

(වියලු‍ව වාර්තාකරු) 
තම ගෙවත්තේ පැළ කිරීම සඳහා වැඩි මුදලක් දී රැගෙන ආ කුන්දිරා පොල් ගෙඩි තොගයක් සිය නැන්දණිය විසින් පොල් තෙල් හිඳවීම් සඳහා දෙපලු‍ කර වියළීම සඳහා අව්වට දැමූ බව කියවෙන පුවතකි.


  සිද්ධිය මෙසේය.


  විවාහයෙන් පසුව ඔහුට සිය බිරියගේ මවද නිවෙසට කැඳවාගෙන ඒමට සිදුවූවේ ඇය පවුලේ බාල දියණියවීමත් බිරිඳගේ පවුලේ සෙසු සාමාජිකයන් දුර බැහැර ප්‍රදේශවල සිටීමත් නිසා ය.


 නැන්දම්මාගේ ඇතැම් ක්‍රියා කලාප පිළිබඳව ඔහු තුළ එතරම් මනාපයක් නොවුණත් ඇයගෙන් ඉටුවන සේවා නිසා ඔහු ඒ සියල්ල දරා සිටියේ පවුල් සංස්ථාව ද රැකගත යුතු බව මෙනෙහි කරමිනි.


 පසුගිය දිනෙක හෙතෙම කුලියට ගත් ත්‍රී රෝද රථයකින් බොහෝ දුර බැහැර ප්‍රදේශයකට ගොස් වැඩි මුදලක් ගෙවා කුන්දිරා පොල් ගෙඩි තොගයක් රැගෙන ආවේ ඒවා පැළකර පාළුවට ගොස් ඇති තම යාබද ඉඩමේ සිටුවීම සඳහා ය.


රැගෙන පැමිණි පොල් ගෙඩි තොගය නිවස පිටුපස ගොඩගසනු ලැබුවේ පැළ කිරීම සඳහා අවශ්‍ය පොලිතීන් මලු සහ පස් මිශ්‍රණය සකස් කර ගන්නා තෙක් ය.


පොල් ගෙඩි ටික පැළ කිරීමේ කටයුත්ත ඔහුට දිනෙන් දින කල් දමන්නට සිදුවූයේ දිනපතා යෙදෙන කුමක් හෝ අමතර කටයුත්තක් නිසාය.


නිවෙස පිටුපස ගොඩ ගසා තිබූ පොල් ගෙඩි තොගය දුටු නැන්දම්මාට ආවේ කදිම අදහසකි. ආහාරයට ගැනීම සඳහා අවශ්‍ය තරම් පොල් ගෙවත්තේ ඇති බැවින් මෙම අතිරික්ත පොල් ගෙඩි තොගය පලු‍ කර වේලා ගතහොත් එයින් සෑහෙන තෙල් ප්‍රමාණයක් යාබද වෙළෙඳසලේ ඇති පොල් තෙල් මෝලට දී ලබා ගත හැකි බව ඇයට සිතිණි.


 පිහියක් රැගෙන පොල් ගෙඩි සියල්ල දෙපලු‍ කළ ඇය පොල් මද ගලවා ගෙමිදුලේ වේළෙන්නට ඉඩ හැරියේ තවත් දින දෙක තුනකදී හොඳ පොල් තෙල් ප්‍රමාණයක් නිවෙසට රැගෙන ඒමට හැකි බව සිතින් මෙනෙහි කරමිනි. 


 පොල් ගෙඩි තොගය පැළ කිරීම සඳහා අවශ්‍ය පොලිතීන් ද රැගෙන නිවෙසට පැමිණි බෑනාගේ ඉහමොළ රත් වූයේ තමන් වැඩි මුදලක් ගෙවා රැගෙන ආ කුන්දිරා පොල් තොගයට අත්වූ ඉරණම දැකීමෙනි. 


සියල්ල සිදුවී අවසන් වග දැනගත් හෙතෙම පොලිතීන් තොගය මුල්ලකට විසිකර නිහඬ වූයේ  “උන්දෑ කළොත් කරන්නේ ඔය වගේ වැඩක්” යැයි සිය බිරියට පවසමිනි.

 



අදහස් (1)

නැන්දම්මා තෙල් හොයද්දී බෑණාට දවල් තරු පෙනිලා

fairoos Thursday, 24 March 2022 12:52 PM

හොඳ බෑණා කෙනෙක්...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 21 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 17 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site