IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කෙල්ල යාළු කරල දෙන්න මෑණියෝ හැටදාහක් ඉල්ලලා

තරුණයකුගේ ආදරවන්තිය ඔහු සමග අමනාප වූවාය. ඇයගේ චෝදනාව වූයේ ඔහුට තවත් ආදරවන්තියක් සිටින බවය. මේ අතර ඔහුට මුහුණු පොතේ වීඩියෝවක් දැකගත හැකිවිය. තමා හැරගිය අය ගෙන්වීමට, විභාග ජය ලබාදීම ඒ අතර විය. රූපවාහිනී නළු නිළියෝද ගුරු මෑණියන් ගැන වර්ණනා කළහ. තරුණයා දුරකථන අංකයකට කතා කළේය. ගුරු මෑණියන් ගෙන් පිළිතුරු ලැබිණි. ‘‘දරුවා පෙම්වතිය යාළුකරදීම සුළු දෙයක්. දෙන්නගේ  පිංතූර දෙකයි උපන් දිනයි ඕනේ. ගාස්තුව රුපියල් පහළොස් දාහයි’’ ඇය පැවසුවාය.

 
තරුණයාද  කොළඹ සිට මධ්‍යම පළාතට ගියේය. මුදල් ලබාගත් ගුරුමෑණියෝ නූලක් කරට දමා තඹ කොළයක් දී ‘සති දෙකකින් ගෑනු ළමයා ඔයා ළඟට එයි.’ කීවාය.  මාසයක් ගතවිය. පෙම්වතිය නොපැමිණියාය. ඔහු නැවත ගුරු මෑණියන් දේවාලේදී හමුවිය.


‘‘බලගතු වශියක් කරන්න වෙනවා. ඒකට රුපියල් හතළිස් පන්දාහක් ඕනේ.’’ ඒ ගුරු මෑණියෝය.‘‘දැන්නම් සල්ලි නැහැ’’  තරුණයා පැවසීය. ‘එහෙනම් ගෙදර ගිහිල්ලා, හතළිස් පන්දාහක් මගේ ගිණුමට දාලා, මට කෝල්  කරන්න. දැන් පඬුරක් තියලා යන්න.’’ ඇය පැවසුවාය.


ඔහු රුපියල්  පන්සියයක් බුලත් කොළ මත තැබීය. ඔහුට තෙල් කුප්පියක් සහ මුහුදු වැලි ටිකක් ලැබිණි.‘‘වැලි ගෑනු ළමයාට පෑගෙන්න දාන්න. තෙල් ටිකක් එයා  වාඩිවෙන තැනක ගාන්න. සල්ලි දාන්නෙ නැතිව මේවා කරන්න එපා. ප්‍රතිඵලයක් නැහැ.’’ මෑණියන් පැවසුවාය.


තරුණයාගේ කතාව ඇසූ මිතුරෙක් ‘‘උඹලට තියෙන්නේ තවම හණමිටි අදහස්. පිස්සුද ඔච්චර සල්ලි දෙන්න. මෝඩයෙක් වෙන්න එපා. මම උඹට කෙල්ලව යාළු කරලා දෙන්නම්’’ යැයි පැවසීය.


ක්‍රිස්ටෝපර් සීපියන්



අදහස් (0)

කෙල්ල යාළු කරල දෙන්න මෑණියෝ හැටදාහක් ඉල්ලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 47 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1558 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site