IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පීඑච්අයිලා කඩා පැන පෙම් මාලිගයක් කඩා දාලා

(හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
දැඩි ශීලාචාරකමක් ගමට පෙන්වමින් ජීවත්වූ කපුවකුට ගමට හොරෙන් තහනම් ගසක ගෙඩි කෑමට ගොස් මුහුණ පෑමට සිදුවු අනපේක්ෂිත අපූරු අකරතැබ්බයක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


  ‍ගැමි පරිසරයක ලක්ෂණ අඩුවක් නොමැතිව ඇති මෙම ප්‍රදේශයට වසර කිහිපයකට පෙර  නගරයේ ජීවත්වූවා යැයි කියන පවුලක් පදිංචියට පැමිණියහ. එම පවුලේ සැමියා සිහින් සිරුරකට උරුමකම් කියන ඔතෑනි පුද්ගලයකු වන අතර බිරිඳ හැඩිදැඩි සිරුරක් ඇති කටකාර තැනැත්තියකි.


එම කාන්තාව ප්‍රමාණය ඉක්මවා කයිවාරු සහ පම්පෝරි ඇද බෑමට රුසියකු වීම නිසා ඇය ගමේ තරුණයන් අතර ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වී සිටියාය.


කාන්තාව දිනපතා දරුවා පාසල් රැගෙන යාම සිදුකරයි. ඔවුන්ගේ නිවෙස අසල දේවාලයක් ඇති අතර කාන්තාවද නිතර නිතර එම දේවාලයට යාමට පටන් ගෙන ඇති අතර දේවාලයේ වාසය කරන්නේද කපුමහතා පමණි.


කපු මහතා කාන්තාවන්ට දැඩි ඇලුම්කමක් රුචිකත්වයක් දක්වන අතර දේවාලයට කාන්තාවන් පැමිණෙන අවස්ථාවලදී උඩුකය නිරාවරණය වන අයුරින් ගැවසීම ඔහු පුරුද්දක් කරගෙන සිටියේය. 


කාලය ගතවෙද්දී සැමියා නොමැති අවස්ථාවල අසල්වැසි නිවෙසට යාම ඒම සාමාන්‍ය සිරිතක් බවට පත්වී ඇති අතර එයට රැයක් දවාලක් නොවූ බව ප්‍රසිද්ධ රහසක් වීය.


ළමයා පාසල් ගිය පසු දිනක් කපු මහතා කාන්තාවගේ ඇරියුමකට අනුව කැලෑබද මාර්ගයෙන් එම නිවෙසට ගියේය.


දෙදෙනා අනියම් පෙම්සුව විඳිමින් සිටින අවස්ථාවේදී ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන පරීක්ෂාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකු පැමිණ කිසිවකු පෙනෙන්නට නොසිටීම නිසා නිවසේ සිටින්නේ කවුදැයි ඔවුහු ප්‍රශ්න කළහ.


කාන්තාව නිවසේ ජනේලයෙන් එබී බලන විට එළියේ සිටි පිරිස දැකීමෙන් කලබලයට පත්වූවාය. නිවස තුළ සිටි කපු මහතා පැමිණ ඇත්තේ පොලිසියෙන් යැයි බියවී අසල තිබූ සරමක්ද පොරවාගෙන කාන්තාවද ඉවතට තල්ලු‍ කරමින් දිව ගියේය.


කැලෑබද මාර්ගයෙන් දිව යද්දී සරම් ඇඳ පුරුදු නොමැති කපු මහතා පෙරැළී ගොස් ඇදවැටුණේය. 


ඩෙංගු පරීක්ෂාවට පැමිණි නිලධාරීහු වූයේ කුමක්දැයි සිතාගත නොහැකිව තුෂ්නිම්භූතව බලා සිටියහ. 


සරම පැටලී ඇද වැටීමෙන් කපු මහතාගේ කකුල ආබාධයකට ලක්ව  සති කිහිපයක් එක්තැන් විය. 


ළිඳ ළඟ වැටිලා කකුල පෙරළුණා යැයි කපු මහතාගේ සුව දුක් විමසීමට පැමිණෙන අයට පවසමින් කපු මහතා සිද්ධිය වසන් කර ගැනීමට කොතකුත් උත්සාහ දැරුවද ටික දිනක් ගතවන විට සිද්ධිය පිළිබඳ කතාව ගම පුරා පැතිර ගොස් තිබුණි. කාන්තාව මග තොටේදී දුටුවිට වතුර මෝටරයක් පාරේ යනවා යැයි කතාවක්ද පැතිර යාමට වැඩි කාලයක් ගත නොවීය.



අදහස් (0)

පීඑච්අයිලා කඩා පැන පෙම් මාලිගයක් කඩා දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site