IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හැටහතර මායමෙන් ගමක් මුලාකර අනියම් සැමියා ගෙට ගෙන්වාගෙන

(කඹුරුගමුව තරංග ගුණරත්න)
අනියම්  සැමියා නිවසට ගෙන්වාගැනීමේදී එම අවස්ථාව ගම්වැසියන් දැක ගැනීම මඟහරවා ගැනීම සඳහා ගම පුරා ‘බොරු බියක්’ පැතිරූ කාන්තාවකට ගමේ තරුණයන් එක්ව පාඩමක් කියා දීමේ පුවතක් දකුණේ ගමකින් වාර්තා වෙයි.


මාතර දිස්ත්‍රික්කයේ මායිම්ව පිහිටි තේ සහ කුරුඳුවලින් වටවූ පුහුල් ගෙඩියක නමකින් සෑදුනු පුංචි කඳු ගැටයක පිහිටි සුන්දර ගමක පදිංචි මැදිවියේ කාන්තාවක් සිදුකළ ක්‍රියාවක් නිසා දැන් ගමටම ලොකු ප්‍රසිද්ධියක් ලැබී ඇත. අවුරුදු 40ක් පමණ වූ කාන්තාව ගෘහනියක  වූ අතර ස්වාමියා පෞද්ගලික කර්මාන්තශාලාවක සේවය කළේය. සැමියා ඔහුගේ මෑණියන්, බිරිඳ, අධ්‍යාපනය ලබන දියණියන් දෙදෙනකු සහ එක් පුතෙක් නිවසේ විසූහ.


කෙසේ වෙතත් මෙම කාන්තාවගේ අනියම් සම්බන්ධතාව දිනෙන් දින වර්ධනය වී තිබූ නිසා කාන්තාවගේ බලාපොරොත්තු වගේම වෙනත් වෙනත් සිහින දකිමින් ඒවා කවදා ඉටුවේදැයි ඇය ඇඟිලි ගනිමින් සිටියාය. 


ඇය තම අනියම් සැමියා නිවසට ගෙන්වා ගැනීමට සැමියා රාත්‍රි සේවා මුරයට යන දිනයක් එනතුරු පුල පුලා බලා සිටියාය. එය ගමේ අයට නොදැනෙන සේ ඉටුකර ගැනීමට කාන්තාව සතු 64 මායමෙන් එකක් යොදා ගැනීමට අදිටන් කර ගත්තාය.


ඒ අනුව ඇය ගම පුරා හොරු ඇවිල්ලා වේලාසනින්ම නිදාගන්න. දොරවල් වහන්න. කියලා ඇය එදින දහවල් ගමේ හැමෝටම අනියත බියක් ඇති කළා පමණක්  නොව නිවසේ දරුවන් තිදෙනාට සහ නැන්දම්මාට නිදි පෙති ලබාදීමටත් කටයුතු කළාය. 


අනියම් සැමියා රාත්‍රි 10,00ට පමණ  පැමිණි යතුරුපැදිය සඟවා ඇයගේ නිවසට පාගමනින් පැමිණ තිබුණි.


ගමට ආ හොරුන් අල්ලන වැඩේ වගකීම බාර ගත් ගමේ තරුණයෝ කිසිවකුට නොකියා රාත්‍රිය පහන් වනතුරුම මාර්ගයේ සැඟවී සිටියහ.


අදාළ කාන්තාව සමග රාත්‍රිය ගත කළ පුද්ගලයා අලුයම  1.00ට පමණ හුදෙකලා මාර්ගයේ  යමින් සිටියදී තරුණයන් පිරිස ඔහු අත්අඩංගුවට ගැනීමට සමත් වූ අතර අනතුරුව සොයා බැලීමේදී අනාවරණය වූයේ අදාළ කාන්තාව විසින් ඔහු නිවසට ගෙන්වා ගත් බවය.


තරුණ පිරිස ප්‍රදේශයේ පොලීසියට සිද්ධිය වාර්තා කිරීමට පියවර ගෙන තිබුණි. සැකකරු සහ නිවසේ පුද්ගලයන් පොලිසියට ගෙන්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වන්නේ මෙම කාන්තාව විසින් අනියම්  සැමියා රාත්‍රි කාලයේ ගෙන්වාගෙන  ඇති  බවයි. දීර්ඝ විමර්ශනයකින් අනතුරුව දෙපාර්ශවයටම අවවාද කොට මුදා හැරීමට පොලිසිය කටයුතු කර තිබුණි. ගමට හොරු ආ කතාව එළි වුණාලු. 

 



අදහස් (0)

හැටහතර මායමෙන් ගමක් මුලාකර අනියම් සැමියා ගෙට ගෙන්වාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site