IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


යකාටත් ගේමක් දීලා

(හොරොව්පොතාන පැතුම් දර්ශන)
අමු සොහොනක හූනියමක් කැපීමට ගිය කට්ටඬියාට යක්ෂාරූඪ වීමෙන් පසු බොන්නට ගෙනැවිත් තිබූ අරක්කු භාගයක් කට්ටඬියාට නොදී අසල සිටි බේබද්දකු පානය කිරීම නිසා සිදුවූ ජංජාලයක් පිළිබඳව පුවතක් රජරට ගමකින් වාර්තාවේ.


රජරට ප්‍රධාන නගරයකින් කිලෝ මීටර් විස්සක් විසිපහක් පමණ ඈතින් පිහිටි ගමක මෙම සිදුවීම ඉකුත් දිනක දී සිදුව තිබේ.
නිවෙසට සහ පවුලේ සැමට කර තිබූ හූනියමක් කැපීම සඳහා නිවෙස් හිමියා විසින් අදාළ කට්ටඬියා ගෙන්වාගෙන තිබිණි.


රාත්‍රි අටේ සිට අලුයම පහ පමණ වනතුරු පූජාවේ කටයුතු සූදානම් කර තිබුණ අතර අමුසොහොනක පුහුල් ගෙඩියක් දෙකට කපා සූනියම් දේවතාවා පිදීම මධ්‍යම රාත්‍රියේ දොළහට සූදානම් කර තිබී ඇත.


ඒ අනුව එම කර්තව්‍යය සඳහා පුහුල් ගෙඩියක්, කඩුවක්, අනෙකුත් පූජා භාණ්ඩ කිහිපයක් සහ ගල් අරක්කු බාගයක් ද සූදානම් කර තිබී ඇත.


ජීවත්ව සිටින කල අධික ලෙස බීමට ඇබ්බැහිව සිට මියයෑමෙන් පසු යක්ෂයකුව ඉපද සිටින තම මාමා කෙනකු සොහොන් බිමේදී තමාට ආරූඪ වන බවත් ඒ මොහොතේ ඔහුට බීම සඳහා අරක්කු භාගය සූදානම් කර තබන ලෙසත් නිවෙස් හිමියාට කට්ටඬියා සවසම දැනුම් දී තිබේ.


මධ්‍යම රාත්‍රි දොළහ උදාවිය. මොන තරම් එඩිතර කම් තිබුණත් රෑ දොළහට සොහොනකට යන්න තරම් හිතේ හයියක් නොතිබුණු නිසා සියලු දෙනාම සිට ඇත්තේ අධික ලෙස බීමත්වය.


පූජාව ආරම්භ විය. යක්ෂාරූඪ වූ කට්ටඬියා ප්‍රථමයෙන්ම ඉල්ලා ඇත්තේ ගල් අරක්කු භාගයයි. එයින් පළමු ෂොට් එක ගැසූ ආරූඪ වූ යක්ෂයා නැවත ගැනීමේ බලාපොරොත්තුවෙන් ආරූඪයෙන්ම ඉතිරිය වෙනත් කෙනකුට දී අලුත වළදැමූ සොහොනක් උඩ හිඳ පූජාවේ වැඩ දිගටම කරගෙන ගියේය.


සොහොන තුළ සිදුකළ පූජාව අවසන් කළ යක්ෂයා ආරූඪයෙන්ම අරක්කු භාගයේ ඉතිරි කළ කොටස ඉල්ලා ඇති අතර පූජාවේ හොඳම කොටස ආරම්භ වී ඇත්තේ එතැන් සිටය. 


අරක්කු භාගය එම ස්ථානයේ නොමැති බවත් පූජාව නිමවනතුරු රැකබලා ගැනීම සඳහා ඔබ වහන්සේ ලබා දී තිබුණේ බේබද්දකුට බවත් නිවෙස් හිමියා යක්ෂාරූඪ වූ කට්ටඬියාට පැවසීය. 


බේබද්දා අරක්කු පානය කර ඇති නිසා තමන්ට සහ තම පවුලට සමාව දෙන ලෙස දොහොත් මුදුන් තබා වැඳ ඇයද සිට ඇත.


එයින් බලවත්සේ කෝපයට පත්වූ කට්ටඬියා එම ස්ථානයේ සිටි සියලු දෙනා පසුපස කඩුවද රැගෙන එළව එළවා පහරදී ඇති අතර පැමිණ සිටි සියලු දෙනා බේරී ඇත්තේ මියගොස් වළ දමා තිබූ පැරණි සොහොන් වලට මුවා වීමෙන්ය.


ඒ අනුව අලුයම පහට නිමා වෙන්න තිබූ පූජාවේ කටයුතු මධ්‍යම රාත්‍රියේදීම නිමාවට පත්වී ඇති බව දැනගන්නට ඇත.

 



අදහස් (0)

යකාටත් ගේමක් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 48 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1558 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site