කොන්දොස්තරගේ වැඬේ හිඟන්නා බාරගෙන දිවුලපිටිය දෙස සිට කොළඹ බලා දිවෙන බසයකට ජාඇල නගරයෙන් සම්මාදම් එකතු කරන්නෙක් ගොඩ වුණේය. බැලූ බැල්මට පනහ පැනලාය. 29 September 2018
කචල් මල්ලී ‘කචල් එකක’ පැටලී කොළඹ වටේ මං මුලාවේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකි. ඔවුන්ගේ මව්පියන් දෙදෙනාම නැත. වැඩිමහල් සහෝදරයා දුක් මහන්සියෙන් බාල සහෝදරයා උස් මහත් කළත් අවාසනාවකට මෙන් ඔහුට උසස් අධ්‍යාපනයක් ලැබීමට වරම් අහිමිවිය. මේ අතර අයියා මහන්සියෙන් දියුණුවට පත්ව සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙකු බවට පත්විය. 29 September 2018
නැටුම විනාඩි 3යි: චූර්ණිකාව 10යි: දේශපාලකට නගී රැස්වීමක ප්‍රධාන ආරාධිතයාගේ ප්‍රකාශයකින් හොල්මන් වූ නිවේදකයකු පිළිබඳ මේ පුවත අසන්නට ලැබුණේ දෙවියන් අරක්ගත් අඩවියකිනි. 29 September 2018
ලජ්ජාවේ බෑ!! ලෝ පතළ බොස්ගේ කියමනවත් නොදත් සේවකයෝ ලොවම දන්නා ආයතනයක සේවක පිරිසක් වෙනුවෙන් පැවැත්වූ වැඩමුළුවකි. පැවැත්වුණේ අගනගරයට නුදුරු පෙදෙසකය. දිවයින පුරා ගම්මාන නියෝජනය කරමින් හැටකට වැඩි පිරිසක් මීට එක්ව සිටියහ. 29 September 2018
මළ ගෙදර කොළේ සිනා සයුරක් කරලා වයඹ පළාතේ ප්‍රධාන නගරයකට ආසන්න ගමක ජීවත්වන ගැමි පවුලකි. මෙම පවුලෙහි තාත්තා, අම්මා, පුතා සහ පුතාගේ බිරිය සමඟ එකම නිවෙසක සියල්ලෝම ජීවත්වෙති. 28 September 2018
පෝලිම නැතිව සල්ලි ගන්න මිතුරියගේ බබා කුලියට අරන් ත්‍රිරෝද රථයකින් පැමිණ බැංකුව ඉදිරිපිටින් බැස ගත් කාන්තාවකි. ඇය මැදි වයස ආසන්නට ළං වෙමින් සිටියාය. වයසට වඩා තරුණ පෙනුමක් ලබා ගන්නට ඇය බොහෝ වෙහෙස මහන්සි වී තිබෙන පාටක් දක්නට ලැබිණි. එමෙන්ම ඇය මැද පෙරදිග රටක සිට මෑතක පැමිණි බවක් ද පෙනෙන්නට තිබිණි. 27 September 2018
බස්රියේ කිසිවකු මහලු මවට අසුනක් නොදුන්නාට රියැදුරු නැගිට වාඩිවෙන්න දීලා බස් රථයකට නැඟුණු වයෝවෘද්ධ මවකට බස් රථයේ සිටි කිසිවෙකුත් අසුනක් ලබා නොදීම නිසා එම බස් රථයේ රියැදුරු තම අසුන ලබාදීමේ සිද්ධියක් පසුගියදා කන්ද උඩරට ප්‍රදේශයේදී සිදු වූයේ බස් රථයේ සිටි සියලු_ දෙනාට මහඟු පාඩමක් කියා දෙමිනි. 26 September 2018
පොලිසියට ගෙනා හොරා පැමිණිලිකරුට ‘බණ’ කියයි රුපියල් එක් ලක්ෂ තිස් දාහක් සොරකම් කොට පැය හතරක් ඇතුළත ඉන් රුපියල් හතළිස් දහසක මුදලක් වියදම්කොට මිතුරන්ට මත්කුඩු සාදයක් පැවැත් වූ පුද්ගලයෙකු සැකපිට දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 25 September 2018
අනාගත බෑණාගේ පිළිතුරෙන් නැන්දා-මාමාට දෙවියන් සිහිවෙලා සිය දියණියගේ අත ගැනීමේ බලාපොරොත්තුවෙන් නිවසට පැමිණි තරුණයකුගේ අත බලා ශාස්ත්‍ර කී පියකු පිළිබඳ මේ පුවත අසන්නට ලැබුණේ වයඹ පළාතෙනි. 24 September 2018
තෙල් තාච්චියට වැටුණු බෝලෙට කතුන් දෙදෙනෙක් ගුටි ඇනගෙන තෙල් තාච්චියට බෝලයක් වැටුණයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනකු දබර කර ගත්තැයි කියන සිද්ධියක් පිළිබඳව පරීක්ෂණ පවත්වන බව දුන්ගාල්පිටිය පොලිසිය පවසයි. 22 September 2018
රාලහාමිගේ හදිස්සියට කොටු මාරුවෙලා පාසලේ සේවය කරමින් සිටියදී ඔහුට දුරකතන ඇමතුමක් ලැබුණේ බිරිය අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළ බව දන්වමිනි. කලබලයට පත් ඔහු වහාම නිවාඩු දමා යතුරුපැදියට නැග්ගේ කඩිනමින් රෝහලට යාමටය. නගරය මැදදී පොලිස් නිලධාරියකු යතුරුපැදිය නතර කළේ එහි වේගය වැඩි බව පවසමිනි. “ටවුන් එකේ යන වේගය දන්නෙ නැද්ද?” කියූ ඔහු දඩ කොළයක් ලියූ අතර ඔහු එය රැගෙන සාක්කුවේ දමා ගත්තේය. 22 September 2018
‘ආ බහින්න මහත්තයා’ කියා ත්‍රිරෝදයේ පිටුපස බලද්දී මගියා අතුරුදන් ත්‍රිරෝද රථයට ගොඩවූ මහත්මා ගමනාන්තයේ නොසිටීමෙන් අන්දුන්කුන්දුන් වූ ත්‍රිරෝද රථ රියැදුරකු පිළිබඳ පුවතක් වාර්තා වෙයි. 22 September 2018
හොල්මනට බයේ සේවිකාවන්ට විවේක කාමරයත් එපා වෙලා සේවා මුර ක්‍රමයට පැය විසිහතර පුරා ක්‍රියාත්මකවන ආයතනයකි. මහල් කීපයකින් යුත් ගොඩනැගිල්ලේ ඉහළ මාලයක ඉඩ කඩ ඇති කාමරයක් වෙන් කර තිබුණේ එම කොටසේ සේවය කරන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ආහාර ගැනීමට හා සනීපාරක්ෂක කටයුතු වෙනුවෙනි. 22 September 2018
අම්මගෙ මංගල මුද්ද පුතා මනාලියට පලඳලා සිය මවගේ මංගල මුද්ද මනාලියට පැළැඳවූ පුතකු පිළිබඳ අපූරු පුවතක් පසුගියදා දකුණු පළාතේ මංගල්‍ය උත්සවයකදී අසන්නට ලැබිණි. 22 September 2018
ගෑනුන්ට බැල්ම දැමූ භූතයා ටීෂර්ටයෙන් කොටුවෙයි මිනිපේ ගොවි ජනපදයේ වගා කටයුතු නිමා වීමෙන් අනතුරුව බොහෝ ගම්මානවල පිරිමි කොළඹ ඇතුළු දුර පළාත්වලට විවිධ රැකියාවන් සඳහා පිටත්ව යති. ඔවුන් සාමාන්‍යයෙන් නිවෙසට මාසයකට වරකි එන්නේ. 22 September 2018
කෝච්චිය අල්ලන්න දුවලා අම්බානක ගුටිත් කාලා සොරකමක් කළා කියා නොදැනුවත්ව ගුටිබැට දුන් පුද්ගලයෙකුගෙන් සිදු වූ දෙය නිවැරදිව වටහාගත් පසු පොලිස් නිලධාරීන් සහ ගම්වාසීන් සැකකරුගෙන් සමාව ගත් පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් වාර්තා විය. 21 September 2018
සූදු පොළට අපූරු ගේමක් දී සුද්ද කරලා ඔහු බූරුවා කපන්නෙකි. බූරුවා කුට්ටමේ කොළ 52ම පිළිබඳව මනා අවබෝධයක් ඇති ඔහු ‘ඕමි’ ගසන්නට ද රුසියෙකි. 20 September 2018
යතුරුපැදිය පෙරළී ඉත්තෑ මස් සිහිනය බොඳවෙලා ඔහු ආරක්ෂක අංශයේ නිලධාරියෙකි. ඔහුට මිතුරන් ද රැසකි. ඉකුත් සති අන්ත සවස් යාමයේ ඔහුට දුරකතන ඇමතුමක් ලැබිණි. එය සමීපතම මිතුරෙකුගෙනි. ඉන් කියවෙන්නේ වහාම කැලෑබද පෙදෙසකට යාමට සූදානම්ව හැකි ඉක්මනින් යතුරුපැදියෙන් පැමිණෙන ලෙසය. 19 September 2018
ශාලාව පැටලිලා තෑගි දෙකක් දීලා වැරදි මංගල උත්සවයකට ගොඩ වැඳී නාඳුනන මනාල යුවළකට ත්‍යාගය පිරිනමා සුබපතා නියමිත මංගල උත්සවය සඳහා යළිත් ත්‍යාගයක් මිලදී ගෙන ගිය ප්‍රභූවරයකු පිළිබඳව පසුගියදා බස්නාහිර පළාතේ ගම්මානයකින් වාර්තා විය. 18 September 2018
ස්මාට්ර් කතාවට අත්තම්මාගේ හිත ගිහින් සිරිපාලගේ අත්තම්මා දඹදිව වන්දනාවේ යන්නට මහත් ආශාවකින් සිටියාය. 15 September 2018
කූඩුවේ මිතුරා බලන්න ගිය යාළුවට කූඩුවට වරමක් හෙරොයින් සමග පොලිසියට කොටුවී පොලිස් කූඩුවේ සිටි මිතුරා බලන්නට කුඩු රැගෙන පැමිණි තරුණයකු කොටුවූයේ පොලීසිය තුළදීමය. 15 September 2018
පොලිස් ලොක්කා ගණදෙවි නුවණින් ජාං බේරාගනී හිටි හැටියේ ම පහළ වූ ගණදෙවි නුවණ මෙහෙයවා තම නිලයේ ගෞරවයත්, නීතියත්, තම ක්ෂේත්රයේම ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ අභිමානයත් රැකගත් අපූරු පොලිස් නිලධාරීයකු පිළිබඳ පුවතකි. 15 September 2018
බසය ඇතුලේ අනුකම්පාව භූමි කම්පාවට පෙරළේ කොළඹ සිට කතරගම බලා යන පෞද්ගලික බස් රථයකි. එය තංගල්ල බස් නැවතුම් පොළට පැමිණීමත් සමග කීප දෙනකු ඉන් බැසගිය අතර තවත් කීප දෙනෙක් බසයට ගොඩවූහ. ඒ අතර තරුණයන් දෙදෙනෙක්ද වූහ. තංගල්ලේ සිට කිලෝමීටරයක් පමණ ගිය පසු එක් තරුණයෙක් කුඩා දරුවෙකුගේ ඡායාරූපයක් හා ලියකියවිලි කීපයක් පෙන්වමින් මගීන් අමතන්නට විය. 15 September 2018
නැන්දම්මාගේ සාත්තුවට එරෙහි ලේලියට සැමියාගෙන් ලණුවක් තම මවට උදව් කරනවාට අකමැති බිරියකට සැමියකු ඉගැන්වූ පාඩමක් පිළිබඳව අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ. 15 September 2018
මුදලාලිට පාඩමක් දී ගෝලයා නික්මිලා නික්මිලාගෝලයා නික්මිලා හෝටලයේ කුස්සියේ ගෝලයාවූ ඔහුගේ රාජකාරිය වූයේ එළවළු හා මාළු සුද්ධ කිරීමත් කුස්සියේ භාජන සේදීමත්ය. ඔහු සේවයට පැමිණ මාස දෙකක් ගතවිය. දිනක් හෝටලයේ මුදලාලි ඔහු අමතා හෙට ඉඳන් නිකන් ඉන්න වෙලාවට පැනටි්රයේ තියෙන පිඟන් ටිකත් හෝදල දානවා යැයි පැවසීය. 15 September 2018
යකා යකින්නිය දෙන්නම ගේ ඇතුළේ දකුණු පළාතේ උපනගරයක් ආසන්නයේ වූ නිවසකි. මුදල් ගැටලුවක් නිසා උදේ පාන්දර අඹුසැමියන් අතර ගැටුම උත්සන්න වී උණුසුම් වචන හුවමාරු වන විට එතැන සිටි පොඩි දුව රැගෙන සීයා මිදුලට බැස්සේ නරක වචන ඇයටත් ඇසේ දැයි බියෙනි. දුවගේ අවධානය වෙනතකට යැවීමට සිතූ සීයා ඇයට මෝඩ ගමරාළ හා යකාගේ කතාව කියා දුන්නේය. 15 September 2018
සැමියා මවට උවටැන් කරද්දී බිරිඳ මනමාල සමයමේ (හෙම්මාතගම රොහාන් සී. ප්‍රේමතිලක) තම නිවසේ අසනීපව සිටින මවට උපස්ථාන කිරීම සඳහා රාත්‍රි කාලයට මවගේ කාමරයේ සැමියා සිටින අතරවාරයේ සිය නිදියහනට සොර සැමියකු ගෙන්වාගත් බිරිඳ සැමියාට අසුවීමේ සිද්ධියක් අරණායක ප්‍රදේශයෙන් වාර්තාවේ. 15 September 2018
නමට අපහාස කළැයි මා`ඵ වෙළෙන්දාට ගහන්න හදලා තම නාමයට අපහාස වෙන අන්දමින් මාළු විකුණන්නේ යැයි කියමින් නිවෙස් හිමියෙකු ජංගම රථයෙන් මාළු අලෙවි කරන්නෙකුට පහර දීමට තැත් කිරීමේ පුවතක් වයඹ ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. 14 September 2018
අලිවැටේ ඔළුව වැදී යාළුවා එක්ක ගුටි කෙළගෙන රජරට පැත්තේ කුලී වැඩෙන් ජීවිකාව කරගන්නා දෙදෙනකි. දෙදෙනා අතර නොහොඳ නෝක්කාඩුවක් තිබී එකම තැන කුලී වැඩ නොකර සිට කාලය හමාර කර දෙදෙනා එකම කුඹුරක වැඩට ආ පළමු දිනයයි. 13 September 2018
මැජික් බෝලයෙන් හොරෙක් අහුවෙලා දේවාල පෙරහරක් නිමිතිකොට පැවති වෙළඳ කඩ පේලියේ කඩයකින් ලබාගත් කුඩා සෙල්ලම් බෝලයක් නිසා ගෙදරට පැමිණි හොරකු අල්ලා ගැනීමට හැකිවීමේ පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබිණි. 12 September 2018
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026