ඡන්ද දායකයාගෙන් ගමේ මන්ත්‍රීට රෙද්ද අස්සෙන් ආචාරයක් ඡන්ද දායකයා රෙද්ද අස්සෙන් තම මන්ත්‍රීවරයාට ආචාර කිරීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය. ඔහු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. මැතිවරණ ජයග්රහණයෙන් පසු ඔහුට තමන් පත් කළ ගම කෙමෙන් කෙමෙන් අමතක වන්නට වූ අතර මන්ත්‍රීධුරයේ කටයුතු කළ අවස්ථාවල සිදු වූ යම් යම් සිදුවීම් හේතුවෙන් සිය හිතවතුන් පිරිසක් නොහොඳ නෝක්කාඩුවෙන් පසු වූහ. 29 December 2018
කුණුහරුප කිව්වොත් කැලෑ දඬුවම කූඩුවකින් පැන්න මයිනෙකු ගෙදර දොරකඩ තිබූ බඳුනක කෑම කන්න පුරුදුවී නිවැසියන්ගේ සුරතලකු වූ පසු කූඩුවකට දැමූ විට ඌ අසභ්‍ය වචන කීම නිසා නැවත කැලයකට මුදාහැරීමේ සිද්ධියක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. 29 December 2018
ස්කයිප් පෙම්වතිය සොයා ගිහින් පිළිකන්නේ හිරවෙලා ඇඟලුම් කම්හලේ රැකියාවට ගොස් පැමිණෙන ඇය රාත්‍රි අටහමාරේ ටෙලිනාට්‍ය නැරඹීමට අමතක කරන්නේ නැත. එදිනද ඇය සිරිත් පරිදි ටෙලි නාට්‍ය නැරඹුවාය. එය අවසන් වනවිට රාත්‍රි නවය පසුවී තිබිණි. මේ අතර ඇයගේ ජංගම දුරකථනය නාද විය. 29 December 2018
ලොක්කාගේ යෝජනාවට බියවී කන්තෝරුවෙන් මාරු නවක නිලධාරිනිය තම ලේලිය කර ගන්නට සිතා සිටියත් ඇය විවාහයට තීන්දුවී සිටින බව දැනගත් ආයතන ප්‍රධානියකුගේ අඩන්තේට්ටම් ඉවසනු බැරිව නිලධාරිනිය මාරුවක් ඉල්ලාගෙන දුර බැහැර ගමකට ගිය පුවතක් එක්තරා ආයතනයකින් වාර්තා විය. 29 December 2018
වැඩිය කන්න ගිහින් තිබුණු ටිකත් නැතිවෙලා කෙසෙල් කැනක් තමන් විසින් නියම කරගත් මිලට විකිණීමට නගරයට ගොස් එම මිලටම අලෙවි කළත් පාඩු ලැබු සිද්ධියක් පසුගියදා වාර්තා විය. 28 December 2018
ගෑනු ගුටි කෙළියක් විභාගයට ආ රාලහාමිගේ දුරකතනය කතකගේ බෑගයෙන් නාද වෙයි කොණ්ඩාවලු පටලවා ගෙන දබර කර ගත් කාන්තාවන් දෙදෙනාගේ පැමිණිලි විභාග කරමින් සිටි පොලිස් පරීක්ෂකගේ දුරකතනය සොරා ගෙන යාමට තැත් කළ කාන්තාවක ගැන පොලිසියෙන් ඇසුණු කතාවකි මේ. 27 December 2018
මළ ගෙදර ගිය මිතුරා බූරු පොළකට රිංගා සේසතම නැතිකරගෙන අගනුවර සිට දුර පළාතක පිහිටි අවමංගල නිවසකට කුලී වාහනයකින් ගිය මිතුරන් පිරිසක් අතරේ සිටි අයෙක් ගිය වැඬේ පැත්තක තබා හොරෙන් එම නිවස අසල බූරු පොළකට ගොස් පැරදී අතේ මිටේ තිබූ දේත් අහිමිකරගෙන ආපසු පැමිණි සිද්ධියකි මේ. 26 December 2018
දුවගේ දෑවැද්ද පුතුගේ ඉඳුල් කටගාන දවසේ ගෙනත් දීලා එකම දියණියගේ මංගල උත්සවය වෙනුවෙන් දෑවැදි දෙන්නට අල්මාරිය ඇතුළු ලී බඩු කට්ටලය දියණියට ලද පුතුගේ ඉඳුල් කටගාන දිනයේ ගෙන ගොස් බාරදුන් පියෙකු පිළිබඳව මාඔයට අසබඩ ගම්මානයකින් වාර්තා විය. 25 December 2018
රිය පුහුණුවට ගිය පුතා තාත්තාටත් තරු පෙන්නලා ගමක තරුණ පුත්‍රයකුට පියා උපන්දින තෑග්ගට දුන්නේ අලුත්ම අලුත් රෝද තුනක වාහනයකි. පුතාට එය පදවන්න බලපත්‍රයක් තබා හැකියාවක් ද නැත. මේ නිසා ඉක්මනින්ම රිය පුහුණු පාසලකට ඇතුළත් වූයේ රිය පැදවීමේ පුහුණුව ලබා බලපත්‍රය ගන්නා අදහසිනි. එතෙක් පියා රිය පැදවීය. 24 December 2018
වැවේ වැටී සිටි දළ ඇතාට බෙහෙත් කරන්න යද්දී මී හරකෙක් වෙලා වෙඩි තැබීමකින් තුවාල ලබා යාම් ඊම් කළ නොහැකිව ගල්ගමුව නාහෙට්ටිකුලම වැව මැද වැටී දළ ඇතකු සිටින බවට ලැබුණු තොරතුරක් මත ප්‍රතිකාර කිරීමට පැමිණි වනජීවී නිලධාරී 22 December 2018
මුරකරුගේ විදුලි පන්දමෙන් උම්බලකඩ මතුවෙලා ඇතුගල්පුරයට නුදුරෙන් ප්‍රධාන පෙළේ සිල්ලර වෙළඳසලකි. එහි මුරකරුවකුද සේවයේ නිරතව සිටි අතර ඔහු දිවා රාත්‍රී වෙනසක් නැතිව තම රාජකාරියේ නිරත විය. 21 December 2018
ආදි කාලේ පොරවක් පණ පොවන්න ගිහින් ජරමරයක් පරම්පරා දෙකක් පරණ පොරොව පණ පෙවීමට කම්මලට ආ වැඩිහිටියකු කම්මල් බාස්ටත් දෝස්මුරයක් තබා බාගෙට පණ පෙවූ පොරොව ද රැගෙන යාමේ අපූරු පුවතක් රජරට දුෂ්කර ගම්මානයකින් වාර්තා විය. 20 December 2018
සතුන්ට ගැසූ ‘ගැටේට ’ ගොවියාම අහුවෙලා ණය තුරුස්වී මිලදීගත් ගම් කිකිළියන් දෙදෙනෙකු වලි කුකුළන් දෙදෙනකු සමග හාදවී පලායමක් හේතුවෙන් ගොවි මහතෙකු දැඩි ලෙස අසරණවූ පුවතක් පාතදුම්බරට තදාසන්න ගම්මානයකින් වාර්තා විය. 19 December 2018
අංකල් කීවාට යකා නැග ඡායාරූප ශිල්පියා උපවාසයක සම වයසේ තරුණ තරුණියන් තමන්ට ‘අන්කල්’ කියා ආමන්ත්‍රණය කිරීම නිසා කෝපයටත් සිත් වේදනාවටත් පත් ඡායාරූප ශිල්පියකු පුරා දවසක් ආහාරයක් තබා වතුර උගුරක්වත් නොගෙන සිටීමේ පුවතක් ඉකුත් සති අන්තයේදී ගම්පහ දිසාවේ කෙළවර ගම්මානයකින් වාර්තා විය. 18 December 2018
මත්පැන් බී පොලු තැබූ නාගරික මන්ත්‍රීට ආපනශාලා කළමනාකරුගෙන් පාඩමක් මිතුරකු හා මත්පැන් සාදයක් පවත්වා එහි ගාස්තුව වන රුපියල් 1700ක මුදල පසුව ගෙවන බව කියා පිටව ගිය නාගරික මන්ත්‍රීවරයකු එම මුදල ගෙවීම පැහැරහරිමින් කල්ගත කරන බවට ප්‍රසිද්ධ ආපන ශාලාවක කළමනාකරුවකු නගර සභාවේ සභාපතිවරයා වෙත පැමිණිලි කළ පුවතක් වයඹ පළාතේ නගරයකින් වාර්තා විය. 17 December 2018
මන්ත්‍රී සැමියාගේ කමිසයෙන් ගෑනිගේ හොර මිනිහා අතේ මාට්ටු සැමියා වැලට දැමූ කොළපාට කමිසයෙන් බිරියගේ හොර සැමියා අතටම අල්ලා ගැනීමට හැකිවීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වේ. 15 December 2018
බුලත් පඳුරු අස්සෙන් බඩදරු අම්මාගේ දොළදුකට ලැයිසොං මාඔය අසබඩ ගම්මානයක පදිංචි බුලත් ගොවියකුට අයත් ඉඩමක් දූනගහ ප්‍රදේශයේ පිහිටියේය. 15 December 2018
‘අදයි අදින්නේ’ හඬට ‘අදින්නා දාන’ කාරයා හොල්මන්වෙලා හෙතෙම මෝඩ පහේ ගැමියෙකි. ගොවිතැන් වැඩ හා එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වූයේය. කලකට පසු ගෙවත්තේ මුරුංගා ගසේ පළදාව සරුවිය. 15 December 2018
තව නූලෙන් බෙල්ලත් සුං ශීඝ්‍රගාමී දුම්රිය රාගම දුම්රිය ස්ථානයේ හතරවන වේදිකාවේ නැවැත්විය. මැදිරියේ දොරටුව අසල සිටි තරුණයෙක් දුම්රියෙන් බැසීමට ප්‍රථම වේදිකාව දෙපස තියුණු නිරීක්ෂණයක නිරත වූයේය. 15 December 2018
අනුන්ගේ තොප්පියක් දාගෙන අම්බානක කාලා තමාට නොගැලපෙන අනුන්ගේ තොප්පියක් හිසලා ගැනීම නිසා අම්බානට ගුටි කෑ කම්කරුවකු පිළිබඳව පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ අධිවේගී මාර්ග වැඩබිමකිනි. 15 December 2018
මවට නොසැලකූ දූලාට පොලිසියෙන් පාඩමක් මව රෝහලට ඇතුළත් කළ බව තම සොහොයුරියන් දෙදෙනාට දැනුම් දුන් විට “ඔය ගෑනිට වහ ටිකක් දීලා මරා දාපන් ... නැතිනම් අනාථ මඩමකට ගිහින් දාපන්”_ යි කී සොහොයුරියන් දෙදෙනකු තලාතුඔය පොලිසියට කැඳවීමට ස්ථානාධිපතිවරයාට සිදුවීමේ පුවතකි මේ. 15 December 2018
නැන්දම්මා සතුටු කරන්න මාළු හොද්දටත් වැඳලා නැන්දාගේ සිත සතුටු කිරීමට මාළු හොද්දට නමස්කාර කළ ලේලියක පිළිබඳ මේ පුවත අසන්නට ලැබුණේ කන්ද උඩරට ප්රදේශයකිනි. 14 December 2018
කතට නියම වූ පන්දාහේ වන්දිය රුපියලේ දෙකේ කාසිවලින් ගෙවලා දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමථයකට පත්වී අගතියට පත් වූ කාන්තාවකට වන්දි ලෙස රුපියල් 5,000 ක මුදලක් මාරු කාසිවලින් ගෙවීම නිසා එම වන්දි මුදල බාර ගැනීම එම කාන්තාව ප්‍රතික්ෂේප කිරීමේ පුවතක් පසුගියදා වෙන්නප්පුව පොලිසියෙන් වාර්තා විය. 13 December 2018
අනියම් පෙම්වතියත් එක්ක සැමියා ගේ ළඟින්ම ගිහින් ජංජාලයක් තම ස්වාමි පුරුෂයාගේ අනියම් බිරියට පහරදී රිමාන්ඞ් ගත වූ කාන්තාවක පිළිබඳව සිදුවීමක් ඇතුගල්පුරෙන් වාර්තා වේ. 12 December 2018
ගමේ සමිතියේත් පුටුවලට කෙළගෙන ගමේ සංවර්ධනය වෙනුවෙන් පිහිටුවා ගන්නට ගිය සමිතියක මුල්පුටු බෙදා ගැනීමට නොහැකිව කඩාකප්පල් වීමේ අපූරු පුවතක් ගම්පහට නුදුරු ගමකින් වාර්තා විය. 11 December 2018
මඩ වළට වැටුණ රොටි හෝදාගෙන ගිහින් තේවත්තේ වැඩ කරන තම සගයනට උදේ ආහාර සඳහා රැගෙන ගිය රොටී මල්ල මඩ වළකට වැටීමෙන් පසු අසල තිබූ ඇළෙන් සෝදාගෙන යාමේ අපූරු පුවතක් කෑගල්ලට ඈත ගම්මානයකින් වාර්තා වෙයි. වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේයි. තරමක් මෝඩ පහේ පුද්ගලයෙකි. නමින් පින්තුය. ඒ නිසා පිනා යන නමින් ද ඔහුට ඇතැමෙක් කතා කළහ. තේවතුවල වැඩ කිරීම රැකි 10 December 2018
ගෙට රිංගූ නයා ලන්තෑරුමක් වෙලා නැන්දම්මාගෙන් පලිගැනිල්ලක් බිරිඳගේ මවුපියන් නිදන කාමරයට රාත්‍රි කාලයේ නාගයෙකු පැමිණීම නිසා නැන්දම්මා තම බෑණාට කතාකර කියා ඇත්තේ ඉක්මනින් මෝල් ගස රැගෙන නාගයා මරා දමන ලෙසය. රාත්‍රි කාලයේ දී සුළු කරුණකට පවා තමන් අවදි කිරීම පිළිබඳව ඔවුන් සමඟ කෝපයෙන් සිටි බෑණා නාගයා වෙනුවට ලන්තෑරුමට පහරදීමේ සිද්ධියක් කලකට ඉහත දී දේවහුව ජනපදයෙන් වාර්තා වේ. 08 December 2018
පොඞ්ඩට තදවෙන දේශපාලකට වෙළෙන්දියගෙන් කොහිල සංග්‍රහයක් තලාතුඔය නගරයට ආසන්න පෙදෙසක රාජ්‍ය ආයතනයක් මඟින් මෙහෙයවූ ජංගම සේවා වැඩසටහනක් එම ගමේ පාසලේ දී පැවැත්විණි. ඒ සඳහා සහභාගි වූ ප්‍රාදේශීය දේශපාලකයකු තම යතුරුපැදියෙන් ආපසු නිවස බලා යන අතරතුර මාර්ගයේ පසෙක ඇති එළවර්ළු වෙළෙඳසලක් වෙත ගියේ ගමේ එළවර්ළු අඩු මිලට ගැනීමේ අපේක්ෂාවෙනි. 08 December 2018
කොළඹ වැද්දෝ දඹානේ ගිහින් මගදි කොටුවෙලා වර්තමාන තරුණයා හා වැදි තරුණයා අතර වෙනස හඳුනාගැනීමට වැඩිහිටි යුවළකට නොහැකි වීමේ පුවතක් පසුගියදා මැද මහනුවර ප්‍රදේශයෙන් වාර්තා විය. 08 December 2018
වෙදාගේ ඇඟිල්ල බල්ලා ප්‍රාණ ඇපයට අරන් පශු වෛද්‍යවරයාගේ ඇඟිල්ලේ භාගයක් බල්ලකුගේ කටට ගිය පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ. 08 December 2018
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026