IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


‘ස්මාර්ට්’ කෝල් එකට බල්ලා උත්තරදීලා

(කෑගල්ල කරුණාරත්න අතුකෝරාල)
තම ජංගම දුරකතනය නිවෙස ඉදිරිපස ඇති ජනෙල් පඩියක් මත තබා නිවෙස පිටුපස පැත්තේ වැඩක නිරත වෙමින් සිටි ගෙහිමියකුට එම ජංගම දුරකතනයට ආ දුරකතන පණිවිඩයකට නිවෙස් සුරතලයට ඇති කරන බල්ලා පිළිතුරක් දී ඇති බව දැකගන්නට ලැබුණු පුවතක් රඹුක්කන කුරුණෑගල පාරේ මතව ප්‍රදේශයෙන් වාර්තා වේ.


 වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.


 සිය බිරිඳ රැකියාවටත් දරුවන් පාසලටත් ගිය පසුව නිවෙස් තනිවන ඔහු ගෙවත්තේ යම්කිසි වැඩක් පළක් කරගෙන සිටීම පුරුද්දක් කරගෙන සිටියේය. එදිනද නිවෙස පිටුපස මිදුල ළඟ කැලෑවැදී ඇති බැවින් එය සුද්ධ කර දැමිය යුතු යැයි සිතාගත් ඔහු තම ජංගම දුරකතනයට කිසිවකුගෙන් දුරකතන පණිවුඩයක් ආවොත් එය නාදවන හඬ ඇසෙන තෙක් මානයේ නිවෙස ඉදිරිපස ඇති ජනෙල් පඩියක් මත තබා තමා වැඩක නිරතව සිටියේය. ඔහු සිතූ පරිදිම ටික වේලාවකින් ජනෙල් පඩිය මත තබා ආ ජංගම දුරකතනය නාදවන හඬත් ඒ සමඟම නිවසේ සුරතලයට ඇති කරන බල්ලා උඩුබරන හඬත් ඇසී ඒ දෙසට යාමට සැරසෙන විටම දුරකතනය නාදවීම නැවතුණු නිසා නැවතත් තමා යෙදී සිටි කාර්යයෙහිම නිරත විය.


තමා කරමින් සිටි කාර්යය අවසන් කළ ගෙහිමියා ජනෙල් පඩිය මත තිබූ ජංගම දුරකතනය ගැනීම සඳහා එදෙසට ගියේය. එහෙත් තමා ජනෙල් පඩිය මත තබා ආ ජංගම දුරකතනය එම ස්ථානයේ නොමැති බව දුටු ඔහුට වටපිට විපරම් කර බලන විට තම සුරතල් බල්ලා නිදාගෙන සිටින තැනට නුදුරින් ජංගම දුරකතනය සපා කැබලිවලට කඩා දමා ඇති අයුරු දක්නට ලැබුණි.  


දුරකතනය නාදවන අවස්ථාවේ බල්ලා උඩු බුරලන ශබ්දයක් ඇසුනේය. දුරකතනයේ නාදවීම එකවරම නතර වුයේත් බල්ලා එය බිමට ඇද දමා  සපා කෑම නිසා බව අවබෝධ වුවද ජංගම දුරකතනයක වටිනාකම තිරිසනකුට තේරෙන්නේ කොහොම දැයි සිතා පාඩුව විඳ දරා ගැනීමට  ඔහුට සිදුවිය. 



අදහස් (0)

‘ස්මාර්ට්’ කෝල් එකට බල්ලා උත්තරදීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 601 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site