මෑත කාලයේ ධාවනය වන ත්‍රිරෝද රථ සහ සංගීත සංදර්ශන රථ අතර ඇති වෙනස වියපත් කාන්තාවකට හඳුනාගැනීමට අපහසුවීමේ සිදුවීමක් පසුගියා වාර්තා විය.

මහනුවරට නුදුරු ග්‍රාමීය ප්රදේශයකි. එහි දුෂ්කර බව නිසාම ප්‍රවාහන සේවා ද ඉතාම දුෂ්කර වූ ගම්මානයක් වන අතර සියලු කටයුතු ඉටුකරගැනීම සඳහා ආසන්න නගරයට යා යුතුය.
මෙම ගම්මානයට පිවිසිය හැකි එකම පොදු ප්‍රවාහන මාර්ගය වූයේ ත්‍රීරෝද රථ සේවයයි. ගම්මානයේ තරුණයන් කිහිප දෙනෙකු ද ත්‍රීරෝද පැදවූ අතර ත්‍රීරෝද රථ මගින් නගරයට ප්‍රවාහන කටයුතුව ඉටු කිරීමේ සේවාව ඔවුහු ඉටු කළහ.
මෙම ත්‍රීරෝද රථ නවීන ආකාරයට විසිතුරු ලෙස සකසා ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර යන එන සැමවිටම මහ හඬින් බයිලා නන්ස්ටොප් සංගීතය වාදනය කරමින් ධාවනය කිරීම ඔවුන්ගේ සිරිතය.
පසුගිය දිනෙක ගම්මානයේ සිට ආසන්න නගරය වෙත ගමන් කළ වියපත් කාන්තාවක් මෙම ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුවූ අතර සිහිසුන් වූ ඇය අසල සිටි පිරිස් එම ත්‍රී රෝද රථයේම නංවා ආසන්යේ පිහිටි ග්‍රාමීය රෝහල වෙත ප්‍රතිකාර සඳහා ගෙනයනු ලැබීය.
ප්‍රතිකාර ලැබූ ඇය සිහිසුන්ව සිට පියවි සිහියට පැමිණි අවස්ථාවේ, වෛද්‍යවරයා කාන්තාවගෙන් සිදුවූයේ කුමක්දැයි විමසීය. එවිට කාන්තාව “අනේ මහත්තයෝ මොකක් වුනාද දන්නේ නෑ සද්දේ දාගෙන පාරේ ආ ලොකු වයර්ලස් පෙට්ටිය ඇඟේ හැප්පුනා එච්චරයි මතක මහත්තයෝ යයි” පැවසීය.
(කුණ්ඩසාලේ පී.එම්. රාජපක්ෂ)
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සද්දෙ දාගෙන ආ වයර්ලස් පෙට්ටිය හැපී ආච්චි රෝහලේ