IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


මනමාලියට දෑවැද්දට දුන් අල්මාරියේ ගැරඬි දෙන්නෙක්

(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
අලුත ගෙනා මනාලියගේ දැවැද්දට ලැබුන අල්මාරියෙන් ගැරඬින් දෙදෙනකු එළියට පැමිණීම නිසා මනාලියගේ නිවස එකම ජංජාලයක් වූ පුවතක් කටුගස්තොට නුදුරු ගම්මානයකින් වාර්තා වේ. 


වාර්තාවන අන්දමට සිදුවී ඇති සිද්ධිය මෙසේය.


ඇයගේත් ඔහුගේත් එකම ගමේ වැලි කෙළියේ පටන් පැවැති සෙනෙහස ප්‍රේමයක් බවට පත්වුයේ ඇගේ බාල සොහොයුරාගෙන් ලැබුණු ආධාර උපකාරවල ප්‍රතිඵලයක් ලෙසිනි.


 කෙසේ වෙතත් දෙපාර්ශවයේ මවුපියන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ පැවැති ප්‍රේමය මංගල්‍යයකින්  අවසන්වීමට අවස්ථාව නොලැබුනේ වෙනත් මනාලයකුගේ මනාලියකවීමට ඇයට සිදුවූ නිසාය. 


මේ පිළිබඳව දැඩි සිත් තැවුලෙන් පසුවූ ඔහු මේ සිදුවීමට එරෙහිව කුමන හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමට සිතා ඊට විකල්පයක් ලෙස තෝරා ගත්තේ නව  යුවළට කොට්ට දෙකක් යැවීමට අවශ්‍ය බව පවසමින් ඇගේ බාල සොයුරාගෙන් දැවැදි සමඟ යවන අල්මාරියේ යතුර සුළු වේලාවකට ඉල්ලා ගැනීම පමණි.


 කිසිත් නොදත් මනාල යුවළ සිය මධු සමයද ගතකොට දින දෙකකට පසු ලැබුණ තෑගි බෝග  හා දෑවැදි මනාලයාගේ නිවසේ අස්පස් කරන අතර විවෘත කළ අල්මාරියෙන් හදිසියේ එළියට ආ විශාල ගැරඬින් දෙදෙනෙකු නිසා මනාල නිවසේ බොහෝ බඩු බාහිරාදිය ද කැඩී බිදී යාමට ගතව ඇත්තේ ද සුළු වේලාවකි.


 පසුව ආරංචි  වූයේ මනාලියගේ පැරණි පෙම්වතා  කොට්ට දෙකක් දෙන මුවාවෙන් ගොනියක දැමූ ගැරඬින් දෙදෙනා අල්මාරියේ දමා ඒවා ඇති බවය. 

 



අදහස් (0)

මනමාලියට දෑවැද්දට දුන් අල්මාරියේ ගැරඬි දෙන්නෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1677 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1410 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 501 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site