(මීරිගම විශේෂ පුෂ්පකුමර මල්ලවආරච්චි)
මාස හතරකට පෙර නිවසින් පලා ගිය තිදරු මව වෙනත් පුරුෂයකු සමග බස්නැවතුම්පොළක සිටින අයුරු නව හැවිරිදි දියණිය දැකීමෙන් පසු ඇතිවූ ගැටුමක් හේතුවෙන් දිවුලපිටිය කුඩගම්මන ප්‍රදේශයේ පසුගිය 25 වැනිදා සිකුරාදා රාත්‍රියේ මහත් කලබැගෑනියක් ඇතිවිය.
අලව්ව ප්‍රදේශයේ දිවි ගෙවූ දරු පවුලකි. මේ පවුලට දරු තිදෙනෙකි. වැඩිමහල් දරුවා පාසලේ හතරවැනි පන්තියේය. නොයෙකුත් අගහිඟකම් තිබුණත් දරු තිදෙනාත් බිරියත් සතුටු කරන්නට මේ පියා නොකළ දෙයක් නැත. මාස හතරකට පමණ පෙරදී බිරිය හදිසියේම අතුරුදන් වූවාය. කෙතෙක් සොයා බැලුවත් තොරතුරක් දැන ගන්නට ලැබුණේ නැත. මේ පවුලේ ඥාතිවරියකගේ විදේශ ගමනක් පසුගිය සිකුරාදා පස්වරුවට නියමිත තිබිණි.
ඒ නිසා කුලියට ගත් වෑන් රියකින් ඥාති පිරිස විදේශගත වන ඥාතිවරිය සමග කටුනායක බලා ගියහ. පෙර කී පවුලේ වැඩිමහල් දියණිය ද මේ ගමනට එක්කර ගත්තේ ගුවන්තොට දැක බලා ගැනීමේ අවස්ථාව සැලසෙන නිසාය. ආපසු එමින් සිටියදී කුඩගම්මන පන්සල අසලදී මේ දියණිය එක්වරම අන්න අම්මා ඉන්නවායි කෑ ගැසුවාය. ඥාති පිරිස වාහනය නවතා බස්නැවතුම්පළ දෙසට එද්දී දැරියගේ මව ඇය සමග සිටි පුරුෂයකුගේ අතින් අල්ලාගෙන දුවන්නට වූවාය. වැඩිහිටි පිරිමි වහා ක්‍රියාත්මක වී පලා යන යුවළ අල්ලා ගත්තේ පොඩි සංග්‍රහයක් ද කරමිනි. මේ ගැටුම නිසා ප්‍රදේශයේ ජනතාවටද ඇතිවූයේ මහත් කුතුහලයකි.
දරු තිදෙනා හා සැමියා අතහැර පලා ගිය ඇය වෙනත් පුරුෂයකු සමග කුඩගම්මන ප්‍රදේශයේ කුලී නිවසක කල් ගත කර ඇති බව හෙළිවූයේ ඊට පසුවය. කුලී නිවස ආසන්නයේ අය ඔවුන් ඇසුරු කර තිබුණේ අලුත බැඳපු යුවළක් යන අදහසිනි. සිද්ධිය දිවුලපිටිය පොලිසියට සැලවීමෙන් පසු දෙපිරිසම කැඳවාගෙන ගියේ සාමය කඩවීමෙන් වළක්වා ගැනීම සඳහාය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගුටි පූජාව අස්සේ අලුත් ජෝඩුවේ සායමත් හේදිලා
Nimal jayasinghe Wednesday, 30 January 2019 01:42 AM
රාගය ඉස්මතු වෙලා. අන්තිමට දුකම තමයි..