ඔහු කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආයතනයක සේවකයෙකි. සිය ජංගම දුරකතනයේ බිල ගෙවීමට දින කිහිපයක් ප්‍රමාද වීම නිසා ඔහු කඩිමුඩියේ දුරකතන බිල් ගෙවන ස්ථානයකට ගොස් රුපියල් 1000ක බිල් පතක් ගෙවීම සිදු කළේය. බිල ගෙවීම සිදුකළ පසු වෙනදා මෙන් දුරකතනයට ලැබෙන එස් එම් එස් පණිවිඩය ලැබෙනතෙක් බලා සිටියේය. බිල ගෙවීම සිදු කළමුත් දුරකතනයට එස් එම් එස් පණිවිඩයක් නම් ලැබුනේ නැත.

කලබලයට පත්ව වහා අදාළ බිල් ගෙවූ ස්ථානයට ගිය ඔහු “එක්ස්කියුස්මී......මම දැන් රුපියල් 1000ක බිලක් ගෙව්වා. ඒ බිල තවම වැටුනේ නැද්දැයි“ විමසීය. බිල් ගෙවීම් සිදුකළ ආයතනයේ හිමිකරු දුරකතනය පරීක්ෂා කර මහත්තයා බිල ගෙවිලා තියෙන්නේ. ගෙවපු බිලට අදාළව රිපෝට් එකත් ඇවිත් තියෙනවා යැයි කඩ හිමියා පැවසීය. වෙනදා බිල ගෙවුවම මට එස් එම් එස් එකක් එනවා. අද තවම ඒක ලැබුනේ නෑ යැයි පැවසීය.
මහත්තයා බිල ගෙවන්න දිපු නමයි නොම්මරයයි හරිද බලන්න එහෙනම් යැයි පැවසීය.
බිල ගෙවන්න ආ පුද්ගලයාට දෙවියන් සිහි වූයේ එවිටය. බිල ගෙවා තිබුනේ තමන්ගේ නමට සමාන වෙනත් නමක් ඇති අයෙකුටය. වැරැද්ද සිදුව තිබුනේ තමන්ටම බව වටහාගත් ඔහු ලැජ්ජාවෙන්ම බිල් ගෙවූ ස්ථානයෙන් පිටතට විත් අදාළ දුරකතන අංකයට කතා කර ගෙවු බිලට අදාළ මුදල ඉල්ලා පිංසෙන්ඩු වුනේය.
(සූරියවැව දිලිප් ජයසේකර).
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොට වරද්දාගෙන ලැජ්ජා හිතිලා