බල්ලාට වැඩ පෙන්නන්න ගිය බේබද්දාගේ මුහුණ පුරා මැහුම් හත අටක් දමා ගැනීමේ පුවතක් මාතර දුර බැහැර පිටිසර බද ගමකින් වාර්තා වෙයි.

මැදි වයසේ පසුවන ඔහුගේ දින චාරියාවේ ප්රධාන අංගයක් වූයේ උදේ සවස මත්පැන් පානය කිරීමයි. කාගේ හෝ කුලී වැඩ කර දිනපතා සොයා ගන්නා මුළු මුදලම වැය කරන්නේ මත්පැන් පානය කිරීම සඳහා පමණි.
බීමතින් නොසිටින විට ඉතා නිහඬව සිටින මොහු මත්පැන් පානය කළ පසු හැසිරෙන්නේ වීරයකු මෙනි. මේ බව දන්නා මොහුගේ මිතුරන් පසුගිය දිනක කඩමණ්ඩියේ සිටි සුනඛයකු පෙන්වා “අන්න බලාපන් අර බල්ලා උඹට විරිත්තුවා. උඹ බය නැත්නම් උගේ කනට දෙකක් ගහපන්” කී විට හොඳටම වෙරි මතින් සිටි මොහු බල්ලා ළඟට ගොස් තෝ මට විරිත්තුවා නේද? හිටපන් මං තොට හොඳ වැඩක් කරන්නම් කියලා ඌ වඩා ගැනීමට තැත් කර ඇත. එවිට බල්ලා මොහුගේ ඇඟට පැන සපා කන්නට පටන් ගෙන තිබේ. උගෙන් බේරීමට දුව ගියත් සුනඛයාද ඔහු පසුපස දිවගොස් ඇඟපුරාම සපා කෑ අතර අවට සිටි අය සුනඛයා එලවා දමා මොහු රෝහල් ගතකර තිබේ. දැඩි ලෙස සපා කෑම නිසා ඔහුගේ සිරුරේ තුවාල රැසක් තිබුණු අතර අතැම් තුවාලවලට මැහුම් හත අටක් ගැසීමට සිදුවී තිබේ.
දින කීපයකින් රෝහලෙන් ටිකට් කපාගෙන නිවසට පැමිණි අතර අතරමගදී හමුවන මිතුරන් “මොකෝ මචං වුණේ. චණ්ඩියා නොන්ඩි වුණා” නේදැයි අසනවිට ඔවුන්ට කුණුහරුපයෙන් බැන මාරුවන බවද මේ සිද්ධිය නිසා මත්පැන් තැබෑරුමට යෑමේ පුරුද්දත් නැවතී ඇති බව දැනගන්නට ඇත
(මුලටියන එස්. බාලසූරිය)
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බල්ලාට වැඩ පෙන්නා මූණපුරා පැච් දාගෙන
ඉදුනිල් කෝදාගොඩ Monday, 21 January 2019 09:35 AM
සිංහලයා මෝඩයා කියන්නේ නිකන්ද..?