IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


බත් පාර්සලයට පවුලත් අවුල් වෙලා

(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
බිරිඳ සමග අමනාපව සිටි සැමියකු ඇයට නොදන්වා රෝහල් ගතව සිටින තම මව බැලීමට යාමෙන්  එම තරුණ සැමියා මහත් අකරතැබ්බයකට  මුහුණ දීමේ සිද්ධියක් නිකවැරටිය ප්‍රදේශයෙන් වාර්තා විය.


සිද්ධිය මෙසේය.


තරුණ සැමියාගේ මව නගරයට පැමිණියේ  අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහාය. එහෙත් වෛද්‍යවරයාගේ නියමය පරිදි එම මවට හදිසියේ රෝහල් ගතවීමට සිදුවූයේ නොසිතු අවස්ථාවකය.


මව තම පුත්‍රයාට මේ බව දුරකතන ඇමතුමකින් දැනුම් දුන්නාය. ඒ වනවිට නගරයට පැමිණ සිටි පුත්‍රයා මෙදින අමනාපව සිටි බිරිඳට මේ බව නොදන්වා, රෝහලට පැමිණියේ, කෑම පැකට්ටුවක් සහ  අත්‍යවශ්‍ය දෑ රෝහල් ආපන ශාලාවෙන් රැගෙන දෙන අටියෙනි. 


රෝගීන් බලන වෙලාව ළංවෙමින් තිබියදී එම  පුත්‍රයා ආපනශාලාව දෙසට  පිය නැගුවේ අවශ්‍ය දෑ ගැනීම සඳහාය. එම අවස්ථාවේ ඔහුට අසල්වැසි නැන්දා කෙනෙකු හමුවන්නේ  නොසිතූ අයුරිනි.


කෑම මිලට ගැනීම අවශ්‍ය නොවන බවත් තමා  තම ගැබිනි දියණියට  කෑම රැගෙන ආවද ඇය දරුවා ලැබීමට සූතිකාගාරයට ඇතුළත් කර ඇති බැවින් එම කෑම පාර්සලය මවට රැගෙන ගොස් දෙන ලෙසත් එම නැන්දා පුත්‍රයාට කියා ඇත.


 පුත්‍රයා කෑම පාර්සලයද රැගෙන මව බැලීමට ගොස් කෑම පාර්සලය මවට දුන්නේ කිසිවක් නොකියා මහත් උජාරුවෙනි. මව කෑම පාර්සලය දිග හැර කෑමට සුදානම් වන විටම වෙනත් ක්‍රමයකින්  පුවත සැලවී කෑමද රැගෙන මව බැලීමට ලේලිය කඩා වැදුනේ ස්වාමියාද අන්දමන්ද කරමිනි. 


“පුතා කෑම ගෙනාවානේ” මවද කීවේ උජාරුවෙනි. වෑංජන තුන හතරක් සමග කෙසෙල් කොළයක එතූු සුවඳ හමන බත් පත දුටු ලේලිය ,පරල වූයේ පෙරදින දෙදෙනා අතර අමනාපයට තුඩුදුන් හේතුව තවදුරටත්  තීවුව තිබෙනු දැකීමෙනි.


තරුණ සැමියා යළි නිවසට ගියද ඔහුට  මුහුණ දෙන්නට සිදුවූයේ  නොසිතූ දෙයකටය. බිරිඳ දරුවන්ද රැගෙන නිවසින් පිටව යාමට සුදානම්ව යකා නටන්නට වූයේ එම රසවත් කෑම පාර්සලය ලබා දුන්නේ  කවුද යන්න විමසමිනි.


අවසන පවුල් ආරවුල සමථ කිරීමට කෑම පාර්සලය ලබාදුන් අසල්වැසි නැන්දාට නිවසට ඒමටද සිදුවිය. ඇය පැමිණ සිදු වූ දෙය අනාවරණය කිරීමෙන් පසුව තරුණ බිරිය මහත් ලජ්ජාවෙන් ගෙතුළට රිංගා ගෙන ඇත. 



අදහස් (0)

බත් පාර්සලයට පවුලත් අවුල් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1542 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1673 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site