විවාහකයකු නොවූ සීමන් අයියා රජයේ වත්තක කම්කරුවෙකි. කෑම බීම නැතත් ඔහු මුදල් ඉපයීමට රුසියෙකි. පියාගේ ඇවෑමෙන් ලද ඉඩමේ මහගෙදර යැයි කියාගත් කුඩා නිවසක තනිව ජීවත් වූ ඔහුට වත්තේ අතිකාල සේවා මුරයක් මග හැරුනේ අසනීපයකදී පමණි.

කාටද සීමන් අයියේ ඔච්චර හම්බ කරන්නේ. මොකෝ උඹට ළමයි ළපටි ඉන්නවද? තම කම්කරු සගයන් එසේ ඇසුවත් කාටත් කරදරයක් නොවී ජීවත්වීම ඔහුගේ බලාපොරොත්තුව බව සගයන්ට කියයි.
බැංකුවේ තැන්පත් කරන මුදල් හදිසි ලෙඩට දුකට නොගත්තතත් මෙදා වැළඳී ඇති රෝගය ටිකක් දරණු එකකැයි රෝහලේ දොස්තර මහතා කී නිසා මුදල් රැගෙන තමන් ළඟ තබා ගතහොත් හොඳ යැයි ලෙඩ ඇඳේ සිට කල්පනා කළේය. පසුවදාම බැංකුවට ගොස් මුදල් රැගෙන සිලී සිලි බෑගයේ ඔතා කිහිල්ල යට සඟවා ගමට යන බස් එක සොයා නැවතුම වෙත ආවේ කිසිදු බය සංකාවක් නැතුවය. ඒ පිටුපසින් ආ ලෙන්ගතු තරුණයාගේ හිතවත්කම නිසාය.
සැනෙකින් යතුරුපැදියක් ඔවුන් පසුකර ගියත් එයින් බිමට වැටුණු මුදල් පාර්සලය පැරණි පාසල අසල පාලු මාර්ගයේදී කාටත් හොරා දෙකට බෙදා ගන්නට තීරණය කළේ අර තරුණයාගේ පෙරත්තය නිසාමය.
“හරියටම දෙකටම බෙදමු”
“ඕනෑ නෑ මාමානේ ඇහින්දේ මට ඔය කීයක් හරි දෙන්න” “තරුණයා එසේ කීවා පමණි.
සැනෙකින් පැමිණි යතුරුපැදිකරු සීමන් අයියා සමග පොර බදා මුදල් පාර්සලය රැගෙන ඉගිල ගියේ නිකම්ම නොව සීමන් අයියා බැංකුවෙන් ගත් මුදල් සමග තරුණයාද පිටු පසින් නන්වාගෙනය. කපටි හොරෙකුගේ උගුලකට අසුවූ බව ඔහුට වැටහුනත් ලැජ්ජාව නිසා කාටත්ම නොකියා ගෙදර පැමිණි සීමන් අයියා ඇඳට වැටුණේය.
(බුලත්සිංහල විශේෂ ලක්මි කුඩලිගම)
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ළෙන්ගතු මිතුරා සල්ලි මල්ලට විදලා