IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කුණු ගොඩට ගිනිතබා ගිනිකූර සාක්කුවේ දාගෙන

ඉදිරියේ එන මහ කන්නයේ ගොවිතැන් කිරීම සඳහා තම හේන සුද්ධකර එකතු වූ කුණු ගොඩක් ගිනි තැබීමට දැල්වූ ගිනි කූර සාක්කුවේ දමා ගැනීම නිසා උදරය පිළිස්සී ප්‍රතිකාර කර ගැනීමට සිදුවූ අපූරු පුවතක් බස්නාහිර පළාතේ ගම්මානයකින් වාර්තාවෙයි.

සිද්ධිය වාර්තාවන අන්දමට මෙසේය. කුඩා කල සිටම තම පියා සමග ගොවිතැන් කටයුතුවල නිරත වූ මෙම තරුණයා රැකියාවක් කළද නිවසේ එදිනෙදා අවශ්‍යවන භව බෝග තම ගෙවත්තේම සකසා ගත්තේය. ඊට ඔහුගේ බිරියගෙ න් සහ දරුවන්ගෙන් නොමද සහායක් ලැබිණි. ඉදිරියේදී වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණදෙපාර්තමේන්තුව ප්‍රචාරය කිරීමත් සමග තම වගා බිම ඉක්මනින් පරිසිදු කිරීමට මෙම තරුණ ගොවි මහතා කටයුතු කළේය.

පසුගිය දිනක නිවාඩුවක් දැමූ මොහු බිරිය සහ දරුවාද සමග නිවසට මඳක් දුරින් ඇති තම හේන පිරිසුදු කිරීමට ගියේය. ඉකුත් කන්නයේ ද වගා කිරීමට නොහැකි වූ නිසා හේන වල්වැදී තිබුණි. කොනකින් පිරිසුදු කිරීම ආරම්භ කළ අතර බිරිය සහ දරුවා දිරාගිය කොටස්ද අමු අතුද ගොඩගසා ගිනි තැබීමට සුදානම් විය. නිවෙසින් රැගෙන ආ භූමිතෙල් සෑහෙන ප්‍රමාණයක් ඊට එක් කළේය. තමා ඇඳ සිටි කමිසයේ සාක්කුවෙන් ගිනිපෙට්ටිය අතට ගත් මෙම තරු- ණයා ගිනි කූරු කීපයක් ගැසුවද පැවැති සුළඟ නිසා එය එකවරම නිවී ගියේය. ඇඳසිටි ඇඳුම්වලට වන අන්දමින් නැවතත් ගිනි ක ූ ර ගැසීය.

සුළඟට නිවේයැයි සිතා හදිසි වූ ඔහු ගිනිකූර සාක්කුවට දමාගෙන ගිනි පෙට්ටිය කුණු ගොඩය වීසි කළේය. නයිලෝන් රෙද්දෙන් මැසූ කමිසය එකවරම උණුවී උදරය පිළිස්සෙද්දී ඔහු කෑගසමින් හේනපුරා දිව ගියේය. ඒ ශබ්දය අවට අයද දිව ආහ. සිදුවී ඇති දේ අවබෝධකරගැනීමට වැඩි වේලාවක් ගියේ නැත. බිරිය නිවෙසට දිවගොස් පිලිස්සුම් තුවාලවලට යොදන ආලේපයක් රැගෙන විත් පිළිස්සී තිබූ ස්ථානයේ ආලේප කළාය. දැන් අසල්වාසීන් හේනේ වැඩ කටයුතු කොහොමද අසන විට තරමක් නොරිස්සුම් ගතියක් පෙන්නනවාලු.



අදහස් (0)

කුණු ගොඩට ගිනිතබා ගිනිකූර සාක්කුවේ දාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site