(තිහගොඩ - උපසේන ලියනගම)
දීර්ඝ කාලයක් කෘෂිකර්මයට සම්බන්ධ ආයතනයක සේවය කළ මේ නිලධාරියාට උසස් වීමක් ලැබී ලබන පෙබරවාරියේ වාර්තා කිරීමට තිබුණේ අනුරාධපුරයේ කාෂි කර්ම ආයතයකටය.
ප්‍රාථමික හා පෙර පාසල් වියේ දරුවන් දෙදෙනාත් සුළු රැකියාවක යෙදුණු බිරිඳත් නිවසේ තනි කොට යාම ගැටලුවක් වුවත් කාර්යාලීය මිතුරන් කීවේ උසස් වීම භාර ගන්නා ලෙසටය. පසුගිය දා හිත මිතුරන් සඳහා රාත්‍රී සාදයක් ද පිළියෙළකළ ඔවුහු මත් පැන් ද නොඅඩුව ගෙනාවෝය.
රාත්‍රී සාදයෙන් පසු මත් වූ හිත මිතුරන් ඔහුට සුබ පතමින් ඉවත්ව ගිය අතර එහි ඉතිරි වූයේ තම නිවස අසල වූ ඉතා හිතවත් මිතුරෙකි. මචං මං ගියා කියලා පාඩුවක් නොවෙන්න මගේ දූ පැටියා බලා ගනිං. ඔහු කීවේ මිතුරා බදාගෙනය. හරි මචං මගේම දුවක් වගේ බලා ගන්නවා මිතුරා කීය.
මගේ කොලු පැටිය ගැනත් බලාපං. ඔහු කියන විට මගේම දරුවෙක් වගේ බලා ගන්නවා. ඔහු වෙරි මර ගාතේ කීවේය. මචං මගේ පවුලත් වැඩිය තැලිල පොඩි වෙලා නෑ ඔහු කීය. හරි මචං මගේ පවුල වගේම කියන විට ගෙතුළින් ආ බිරිඳ මේ කෑව බිව්වනං තිරිසන්නු වගේ නොවී ගෙදර යනවා කීවේ කෝපයෙනි. බැලුවහම ඒකි මගේ පවුල වගේම තමයි තමාටම කියාගත් මිතුරා අඳුරේම පාරට බැස්සාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd