රාත්‍රී සාදයකට සහභාගිවී පැමිණි අයකු අඩ නිරුවතින්ව වැරදිමකින් තමන්ගේ ගෙදර යැයි සිතා අල්ලපුගෙදරට තට්ටු කර අකරතැබ්බයකට මුහුණ දුන් සිද්ධියක් නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.

ඔහු මිතුරන් පිරිසක් සමඟ රාත්‍රි පැවති සාදයකට එක්වී ඇත. බොහෝ රෑ බෝ වෙනතුරු පැවති සාදය අවසන් කර මිතුරන් සමග වාහනයකින් පැමිණ නිවස අසලින්ම බැස ඇත.
එක සමාන නිවාස පෙලක එක් නිවසක ඔහු පවුලේ අය සමග ජීවත්වී ඇත.
තමන්ගේ නිවස ඉදිරිපිටට පැමිණ ඇතැයි සිතූ ඔහු දොරට තට්ටු කර “නෝනා මම දොර අරින්න” යැයි කියා ඇත. ගේ තුලින් කිසිදු ප්‍රතිචාරයක් නැති නිසා තව වරක් මහ හයියෙන් දොරට තඩිබෑ පසු වයස් ගත කාන්තාවක් දොර ඇර “කවුද ඔයා” මොකද මේ මහ රෑ දොරවල්වලට ගහන්නේ” යැයි කියා ඇත. ඔහු ගැලවූ කමිසයත් අතේ තබාගෙන වැනි වැනී සිටි නිසා මහත්සේ බියට පත්වූ කාන්තාව කෑ ගසද්දී “අනේ ඇන්ටි මම අහවලා කෑ ගහන්න එපා” මට ගෙදර වැරදුණා මට සමාවෙන්න.යැයි කියා ඇත.
අසල්වැසියෙකු වූ ඔහු කවුදැයි කාන්තාව දන්න නිසා බලන්ඩ ඔයා කරපු වැරැද්ද. මම විතරයි ගෙදර ඉන්නේ. කවුරු හරි දැක්කනම් මොනව නොකියයිද? ඉක්මනට ගෙදරට යන්න ගෙවල් දෙකක් පහුකරලා ඔයා ඇවිත් තියෙන්නේ යැයි කී පසු හෙමින් සීරුවේ ගෙදර සොයාගෙන ගොස් ඇත්තේ මතක හිටින පාඩමක්ද ඉගෙන ගෙනය.
(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)
2025 ඔක්තෝබර් මස 08
1677
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1410
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
501
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පදම වැඩිවී බාගෙට හෙලුවෙන් ඇවිත් අල්ලපු ගෙදරට තට්ටු කරලා