(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
හපන බල්ලා බැඳ ගන්නා ලෙසට පාට් දමා හොරෙන් ගෙදර වත්තේ කෙසෙල් කැන් කැපීමට පැමිණි පුද්ගලයකුට බඩ කට පුරා ගුටි කෑමට සිදුවීමේ පුවතක් කටුගස්තොටට තදාසන්න ගම්මානයකින් වාර්තා විය.
සිද්ධිය මෙසේයි.
එම නිවසේ ආරක්ෂාවට ඇති කරන බල්ලා නිවස ආසන්න මාර්ගයේ යන එන පුද්ගලයන්ට බිරීම සිරිත වුවත් ඌ මෙතෙක් කිසිවෙකුත් හපා නොකා ඇත්තේ බුරන බල්ලන් හපා නොකන බවට වූ කියමන සනාථ කරමිනි.
කෙසේ නමුත් එම නිවස ආසන්නයේ සිටි පුද්ගලයෙකු නිරන්තරයෙන් එම නිවැසියන්ට බැණවැදී ඇත්තේ හපන බල්ලා බැඳ ගන්නා ලෙසත් නොමැතිනම් අකමැත්තෙන් වුවත් නීතිය හමුවට යාමට සිදුවන බවට චෝදනා කරමිනි.
අවසානයේ අකමැත්තෙන් වුවද නිවැසියන් එම බල්ලා බැඳ තැබීමට තීරණය කළේ අදාළ පුද්ගලයාගෙන් නිරන්තරයෙන් එල්ලවන චෝදනා තවදුරටත් ඉවසා දරා සිටීමට නොහැකි වූ පසු බිමකය.
මේ අතර ඉකුත් දිනක මධ්‍යම රාත්‍රියේ අදාළ බල්ලාගේ තොර තෝංචියක් නැති බිරීම හමුවේ අවධි වූ නිවැසියන් ඒ පිළිබඳව විපරම් කිරීමේදී දැක ඇත්තේ තමන්ට නිරන්තර බලු චෝදනා එල්ලකළ පුද්ගලයා තම නිවස ඉදිරිපිට ඇති කෙසෙල් කැනක් හොරෙන් කැපීමට උත්සාහ ගන්නා ආකාරයකි.
සිද්ධියෙන් දැඩිලෙස කෝපාවිෂ්ට වූ නිවැසියන් අදාළ පුද්ගලයා අතටම අල්ලා බඩකට පුරා කළ සංග්‍රහයෙන් අනතුරුව එතෙක් බැඳ දමා සිටි නිවැසි බල්ලාටද සුපුරුදු නිදහස හිමි වූ බව වැඩිදුරටත් වාර්තා විය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බල්ලා බඳින්නැයි ගෝරනාඩු කර අම්බානක ගුටිකාලා
තුෂා Thursday, 24 January 2019 10:01 AM
සුනඛයෝ මිනිසුන්ට වඩා, කොපමණ උසස් ගති ගුණ ඇති සත්ව කොට්ඨාසයක්ද ? උන් කවදාකවත් තමන්ට කන්න දුන්න අත හපා කන්නේ නැත.
Perakum Thursday, 24 January 2019 03:51 PM
ඇයි ඉතින් පොලිසියට භාර නොදුන්නේ...?
Shantha Mendis Friday, 25 January 2019 10:48 AM
ඇයි ඉතින් පොලිසියට භාර නොදුන්නේ..?