(මෝදර සී. ඉග්නේෂස් ඇන්තනී)
ගෙවල්වල වැඩ කරමින් කීයක් හරි මුදලක් හොයාගෙන ජීවත්වන මෝඩපහේ පුද්ගලයකුගීතයක කොටසක් මුල්කරගෙන කළ ප්‍රකාශයකට පොලිස නිලධාරීන් දෙදෙනකු අන්දුන් කුන්දුන් වූ පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් වාර්තා විය.
ඔහු අවුරුදු 45ක් පමණ වයසැති අයෙකි. කාත් කවුරුත් නැති හෙතෙම තනිවම සිටිමින් ජීවත් වන්නේ එදිනෙදා ගෙවල්වල වැඩ කරමින්ය. බොහෝ නිවෙස් හිමියන් ඔහුට ආදරය කරන්නේ කවදාවත් හොරකම් නොකරමින් ඔහු ජීවත් වන නිසාය. ගෙදර දොරේ මෙන්ම කඩපිල්වලට ගොස් බඩු මුට්ටු ගෙනෙන්නේ ද ඔහුය. ඔහු නිවෙස් හිමියන්ගේ විශ්වාසය ද දිනාගෙන ඇත්තේය. දිනක් එක් නිවෙස් හිමියකු ඔහුට මුදල් දුන්නේ හන්දියේ කඬේට ගොස් ගෑස් සිලින්ඩරයක් ගෙන එන්නටය.
ඒ හැන්දෑ වෙලාවක් වූ අතර හතර වටින් කළුවර වී තිබුණේ මහා වැස්සක් ඒමේ සූදානමකින්ය. වැස්ස එන්නට පෙර ඔහු හැකි ඉක්මණින් ගෑස් සිලින්ඩරයක් ගෙන එන්නට කඬේට ගියේය. හන්දියේ කඬේට යා යුත්තේ දෙපසින් කැලෑව වැවුණු අතුරු පාරකිනි. කඬේට ගොස් ගෑස් සිලින්ඩරය රැගෙන ඔහු ආවේ සරම කැසපොට ගසාගෙන දුවන විලාශයෙන්ය. වැහි වලාකුළු බරවී වැස්සක් අත ළඟමය. ඒ වෙලාවේ මාර්ගයේ සංචාරය කරන පොලිස් නිලධාරීහු දෙදෙනෙක් ද ඔහු පසුපසින් පැමිණියහ.
ඒ බව නොදත් මෙම පුද්ගලයා ගෑස් සිලින්ඩරයත් කරේ තබාගෙන අඩියට දෙකට වේගයෙන් දිවයන්නට විය. පසුපසින් ආ පොලිස් නිලධාරීහු ඔහු ගැන ඇති වූ සැකයක් මත ඔහු අල්ලා ගැනීම සඳහා වේගයෙන් දිව ගියහ. පොලිස් නිලධාරීන් කෙසේ හෝ වේගයෙන් දිව ගොස් ඉදිරියෙන් යන පුද්ගලයාට ළංවී කොහේද මේ හැන්දෑවේ සිලින්ඩරයක් කරේ තියාගෙන දුවන්නේ යැයි ඇසීය. මේක කාගෙන් හරි හොරකම් කළා ද කියා පොලිස් නිලධාරීහු නැවතත් ඔහුගෙන් ඇසූහ. ‘අනේ මහත්තයෝ මම ජීවත්වන්නේ ගෙවල්වල වැඩ කරලයි. මම හොරකම් කරන කෙනෙක් නෙමෙයි’ කියා ඔහු පැවසීය. මම දුවන්නේ වැස්සක් එන නිසයි.
මම කරපු හොරකමක් නැහැ යැයි ඔහු කියූවිට ‘ඇයි දිව්වේ’ කියමින් පොලිස් නිලධාරීහු ඔහුට තර්ජනය කළහ. ඔහුට එක පාරටම සරා ගොයියා හරි මිනිහා සින්දුව මතක් වී ‘අනේ මහත්තයෝ දුවන්නත් ලයිසන් ගන්න ඕනෑද’ කියා ඇසීය. ඒ ප්‍රශ්නයෙන් පොලිස් නිලධාරීන්ට කිසිවක් කියාගත නොහැකි විය. එවිටම වැස්සක් කඩා වැටුණි. පොලිස් නිලධාරීහු ද වැස්සේ තෙමි තෙමී යන්නට වූහ.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සරා ගොයියා මොඞ්වෙලා ගෑස් සිලින්ඩරයක් අරන් දුවලා