(මැදිරිගිරිය චාපා මධුභාෂිණි)
තම හිතවතකුගේ මවගේ මරණයට ගොස් ආචාර කිරීමට අමතක වී දවල්ටත් සප්පායම් වී යෑමේ අපූරු සිද්ධියක් මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
වර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. ගමේ පාසලක ගුරුවරයකු ලෙස සේවය කරන නගරයෙන් ගමට ගිය තරුණයෙකි. කා සමගත් හොඳ ජනප්‍රිය පුද්ගලයෙකි. පසුගිය දිනක තමා හඳුනන පුද්ගලයකුගේ මවක මියගොස් ඇත.
පාසල් ගොස් නැවත නවාතැනට ආ මෙම තරුණයා ඇඟපත සෝදාගෙන මළ ගෙදරට පිටත් විය. මළගෙදරට ගොඩවෙනවාත් සමග එහි සිටි පිරිසක් ‘ආ සර් කොහොමද?’ කියා අසමින් කතාබහට මුලපිරීය. කතා බහටම කාලය ගත කෙරිණි. ආ කාරණය අමතක විය.
ඒ අතර තම හිතවතා ද ඔහු හමුවට ආවේය. ‘සර් දැන් ද ආවේ’ යැයි විමසීය. ‘යමු... යමු... කෑම ටිකක් කන්න’ යැයි පවසා අසල්වැසි නිවෙසකට කැඳවාගෙන ගොස් දහවල් ආහාරයෙන් ද සංග්‍රහ කළේය. කෑම කා අවසානයේ නැවත මළගෙදරට යාමට අදහස් කළත් අවමගුල් උත්සවයේ කටයුතු ආරම්භ කර තිබූ නිසා ගුරුවරයා නැවත එහි නොගොස් ආපසු නවාතැනට පැමිණියේය. පොඩි නින්දකට වැටුණු ඔහු නැවත අවදිවී හිසේ අත ගසා ගත්තේ. මළගෙදර ගියත් මියගිය මෑණියන්ට ආචාර කරන්න බැරිවුණානෙයි තම හිතවතකු සමග කියන විට කාටත් සිනාව නවතා ගැනීමට අපහසු විය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුරු ගෝල කතාවට ගිහින් මළ ගෙයත් අමතක වෙලා