IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


උපාසක මහත්තයා මළුව අතු ගාන රහස අතටම අහුවෙලා

(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)
විහරස්ථානය අතු ගෑමට යැයි පැමිණෙන පුද්ගලයකු ඉදලේ කූරු ගලවාගෙන යෑම පිළිබඳව විමසිල්ලෙන් සිටි නායක හිමියන් ඔහුගේ අලුත් උපාය දින කිහිපයකට පසු අල්ලාගත් සිද්ධියක් අසන්නට ලැබිණ.


මොහු විහාර භූමිය දිනපතාම පාහේ අතුගෑම පුරුද්දක් කරගෙන සිටි අතර මොහුගේ ක්‍රියාව පිංවැඩක් නිසා කවුරුත් ඒ ගැන වැඩි සොයා බැලීමක්ද කර නැත.


නිතර විහාරස්ථානයට යමින් කාගේත් විශ්වාසය දිනාගත් මොහු ඇතැම් දිනවල රාත්‍රිය ද විහාරස්ථානයේ ගතකර උදේම පිටත්ව ගොස් තිබේ.


මේ අතර එහි පින්කැටයේ ඉරටු කෑලි තිබෙනු දුටු නායක හිමියෝ පින්කැටයට මේවා වැටුණේ කෙසේ දැයි සොයා බැලූහ.


මළුව අතුගාන්න එන පුද්ගලයා ගැන සැකයක් ඇති වූ නිසා ඔහුගේ ක්‍රියාව ගැන රහසේ සොයා බලන්නැයි දායක තරුණයකුට උන්වහන්සේ කී අතර එම තරුණයා දිනක් රාත්‍රියේ ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටිය දී පෙර කී පුද්ගලයා ඉරටුවක ඇලෙන සුළු චුවින්ගම් අලවා පින්කැටයට දා මුදල් නෝට්ටු එළියට ගන්නා ආකාරය දැක විහාරාධිපති හිමියන්ට ඒ බව කීය.


පුදුමයට පත් වූ විහාරාධිපති හිමියෝ “බලනවකෝ මේ මනුස්සයා කරන කැත වැඬේ” යැයි එවිට පැවසූහ.


පසුව ඔහු ගෙන්වා “තවත් මේ වැඬේ කරන්න එපා. අපි අල්ලා ගත්තා හොරකම. අනික් දවසේ අහුවුණොත් පොලිසියට බාර දෙනවා” යැයි අවවාද කර අතු ගෑමට නොපැමිණියාට කමක් නැති බව ද කියා පිටත් කර යවා ඇත.

 



අදහස් (0)

උපාසක මහත්තයා මළුව අතු ගාන රහස අතටම අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site