බසයට නයයි පොළඟයි රිංගා මහා ජංජාලයක්
දකුණු පළාතේ ලුණු ලේවායට ආසන්නයේ පිහිටි ගම්මානයක සිට ප්රධාන නගරය දක්වා ගමන් කරන පෞද්ගලික බස්රථයකි. උදෑසන යන ගමනක් නිසා බසයෙහි සෑහෙන පිරිසක් සිටි අතර බසයට නැගගත් මැදිවියේ වූවකු එක් ආසනයක ඉඩකඩ ඇති හෙයින් කඩිනමින් එතැනට දිව ගියේ අසුන් ගැනීමටය.