කරන්දෙණිය - එම්. සුසිල් පියන්ත
මළ ගෙදර මහ රෑ බූරුවා ගසා සූදු පොළෙන් දිනන මුදල් සොර සතුරන්ගෙන් බේරා ගැනීමට අපූරු විජ්ජාවක් භාවිත කරන අයකු පිළිබඳ අපූරු පුවතක් දකුණු පළාතේ නගරයකින් වාර්තා වෙයි.
මළ ගෙවල්වල බූරු පොළවල් පෙන්නන්න බැරි අය ඇත්නම් එහි පළමු තැන ඔහුටය. මළ ගෙවල් සොය සොයා යන්නේ සූදූ කෙළියටය. මළ ගේ පිළිබඳව දැන හැඳුනුම්කමක් ඔහුට අවශ්‍යම නොවේ. වැඩේ කියනුයේ මේ හාදයා මළ ගෙදරක සූදු පොළට බැස්සොත් සූදු පොළම හකුළනුයේ මිය ගිය තැනැත්තා ඔහුට දෙන දෙයක් ලෙසය.
මළ ගෙදර සූදු පොළෙන් දිනා ගන්නා මුදල් සංවිධානය වූ පිරිස් මහ රෑ ඔහුගෙන් මංකොල්ලා කෑවේ වරක් දෙවරක් නම් නොවේ. ඒ නිසාම ජන්මෙට වඩා පුරුද්ද ලොකු නිසාම මේ මොන හේතුවකින්වත් සූදූ පොළට නම් නොගියේ ඔහු නම් නොවේ.
මළ ගෙදර මහ රෑ සූදු පොළෙන් දිනා ගන්නා මුදල් ඉතා සුරක්ෂිතව ආරක්ෂා කර ගැනීමට ඔහු මෑතක සිට අලුත් විජ්ජාවක් පටන් ගෙන තිබෙන බව කියයි. සූදු පොළම අකුලා ගන්නා ඔහු නිවසේ දේහය ළඟම ඥාතීන් සමග තනි රැකීමට යන්නේය. ටික වේලාවකින්ම දේහය අසල පුටුවක එළිය වැටෙන තෙක්ම නිදා ගන්නේය. නොඑසේනම් දේහය ආසන්නයේ බිම නිදා ගන්නේය. ටයිල් පොළවක නම් කිසිම ප්‍රශ්නයක් නැතිව බිමම නිදා ගන්නේය. නොඑසේනම් පැදුරක් එළාගෙන නිදා ගන්නේය.
හොඳට එළිය පායනකම් මළ ගෙදරම ඉඳ උදේ ආහාරයත් එයින්ම රැගෙන ඔහු නිවෙස කරා යන්නේ බූරුවා ගසා දිනා ගත් එකම රුපියලක්වත් සොර සතුරන්ට පූජා නොකරමින්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd