IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ලොක්කාගෙන් ලකුණු දාගන්න අතින් කාලා හරක් බලලා

බළපිටියේ - එස්. ඒ. වයි. ද සිල්වා

ලොක්කාගෙන්  වැඩි මුදලක් කඩා ගැනීමේ අරමුණෙන් ලොක්කාගේ කැඩුණු රූපවාහිනිය තම අතින් වියදම් කර අලු‍ත්වැඩියා කරගෙන ගිය අයකුට ‘ස්තූතිය’ පමණක් ලැබීමෙන් කෝප වී බැණ වදිමින් ආ අයකු පිළිබඳව තරු පන්තියේ හෝටලයකින් දැන ගන්නට තිබේ.

තරු පන්තියේ සංචාරක හෝටලයක ඉංජිනේරු අංශයේ සේවය කරන මොහුට රූපවාහිනි, දුරකතන ආදිය අලු‍ත්වැඩියා කිරීමට යම් හැකියාවක් තිබිණි. ඇතැම් අවස්ථාවල දී නිෂ්පාදිත ආයතනයෙන් පවා අලු‍ත්වැඩියා කිරීමට බැරි බව දන්වා එවා ඇති බවත්, තමාට ඒවා අලු‍ත්වැඩියා කිරීමට හැකි බව පෙන්වීම නිසා ආයතනයේ ලොක්කා ඇතුළු සෑම දෙනාම නිතර පැවැසුවේ මොහු ආයතනයට වටිනා සම්පතක්  බව කියමින් මුරුංගා අත්තේ තැබීමය.

දිනෙක ලොක්කාගේ රූපවාහිනිය අක්‍රීය විය. ලොක්කා මොහුට කතා කොට රූපවාහිනිය අලු‍ත්වැඩියා කරදෙන මෙන් ඉල්ලා සිටියේය. ‘හරි සර්.. මම සුටුස් ගාල හදල දෙන්නම්’ යැයි කියමින් හැදීමට සූදානම් වුවත් මොහුට කර ගැනීමට බැරි තත්ත්වයක් පෙනුණි. පසුව ලොක්කා හමු වී ගෙදර ගෙන ගොස් හදාගෙනැවිත් දෙන්නම් යැයි කීවේ හෝටලය ඇතුළේ තමාට බැරි වැඩක් නැතැයි කියමින් තබාගෙන සිටි හොඳ නමට කැළලක් වන හෙයිනි.  රූපවාහිනිය  ගෙදර ගෙන ගොස් හදාගෙනැවිත් දුන්නොත් ලොක්කාගෙන් ලොකු ගානකුත්  කපන්න පුළුවන් බව සිතා ගත් මොහු රූපවාහිනිය ගෙන ගියේ ගෙදර නොව නගරයේ රූපවාහිනි අලු‍ත්වැඩියා කරන අයකු ළඟටය.

ඊට පසුවදාම රූපවාහිනිය අලු‍ත්වැඩියා කර දුන්නේ මොහුගේ හිතවත් කම අනුවය.  රූපවාහිනිය අලු‍ත්වැඩියා කිරීමට වැය වූ මුදල ගෙවා ලොක්කාට ගෙනැවිත් දුන්නේ වැඩිපුර මුදලක් කඩා ගැනීමේ අරමුණෙන්ය. 

එහෙත් බලාපොරොත්තු වූ කිසිවක් ඉටු නොවීය. ලොක්කා රූපවාහිනිය ගෙන ‘තෑන්ක් යූ‘ පමණක් කීය. ආපසු හැරී එන ගමන් තනිවම ලොක්කාට බැන බැන එද්දී තව මිතුරෙක් හමුවිය. 

‘මොකෝ මචං තනියම කතා කර කර එන්නේ’ ඔහු විමසීය. 

‘මේවට පිස්සු නොහැදී ඉන්නවද මචං... ලොක්කගේ කබල් ටී. වී. එක මගේ අතින් වියදම් කරගෙන ටවුන් එකට ගිහින් හදල ගෙනැවිත් දුන්නම සල්ලි කීයක්වත් දුන්නේ නැහැ. ‘තැන්කිව්’ විතරක් කිව්වා. අඩු ගානෙ කීයක් වියදම් වුණාදැ කියලත් ඇසුවේ නැහැ. තැන්කිව් කන්නද බං. අපරාදෙ මගේ අතින් ටී.වී. එක හදන්නයි, ගෙනියන්න ගේන්න ත්‍රීවීල් එකට ගාස්තුව ගෙවන්න වුණා‘ යැයි  කීය.

‘ඕවට තමයි කියන්නේ අතින් කාල හරක් බැලු‍වා වගෙයි’ කියමින් මිතුරා උත්තර දුන්නේ ඇඟට පතට නොදැනීය.



අදහස් (0)

ලොක්කාගෙන් ලකුණු දාගන්න අතින් කාලා හරක් බලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1915 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1526 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site