IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


නොමිලයේ දෙන බේත් කඩෙන් අරන්: දුව පියාගේ පින් පඩියට තට්ටු කරලා

වියලු‍ව වාර්තාකරු 

දියවැඩියාව ඇතුළු නිදන්ගත රෝග කීපයකින් පෙළෙන සිය පියාට රජයේ රෝහලින් නොමිලයේ ලැබෙන බෙහෙත් ගෙනගොස් දී ඒවා පෞද්ගලික ඔසු සලකින් මිල දී ගත් බව හඟවමින් ඔහුගේ පින් පඩියට තට්ටු කළ දියණියක් පිළිබඳව පුවතකි.

සිද්ධිය මෙසේය.

ඔහු දියවැඩියාව ඇතුළු නිදන්ගත රෝග කීපයකින් පෙළෙන වයෝවෘද්ධ පුද්ගලයෙකි.

දරුවන් හත්, අටදෙනෙකු හදා වඩා උස්මහත් කළ ද බොහෝ දෙනකු ඔහු මඟ හැර ගොසිනි. සෙසු පිරිසට ද ඔහුට සලකන්නට තරම් වත්කමක් නොතිබිණි.

ඒ නිසාම ඔහුට ජීවත් වන්නට සිදුව තිබුණේ රජයෙන් ලැබෙන සොච්චම් පින් පඩියක ආධාරයෙනි.

ඒ අතරතුර ඔහුට නිදන්ගත රෝග කීපයක්ම වැළඳුණු අතර ගමේ රෝහලේ සායනයට පැමිණ මාසිකව බෙහෙත් ලබා ගන්නට ද සිදුව තිබිණි.

කල්යත්ම මාසිකව ලැබෙන බෙහෙත් ටික ගෙනවිත් දීමට ඔහු සිය දියණියට පැවරුවේ මහ මඟ යන්නට තරම් දෙපා වාරු නැති බව ඇයට පවසමිනි.

සෑම මසකම රෝහලට පැමිණ සායනයෙන් බෙහෙත් ටික ලබා ගන්නා ඇය ඉන් අනතුරුව තැපැල් කන්තෝරුව වෙත ගොස් සිය පියාගේ පින් පඩිය ද ගන්නට ද පුරුදු වී සිටියාය.

රජයේ රෝහලෙන් ලැබෙන සිය පියාගේ බෙහෙත් මල්ලත් රැගෙන පියා බැහැ දකින ඇය සිය පියාට පවසා ඇත්තේ කිසිදු බෙහෙතක් රෝහලේ නොමැති අතර සියලු‍ බෙහෙත් විශාල මුදලක් ගෙවා  නගරයේ ඔසු සලෙන් තමුන්ට මිලදී ගන්නට සිදු වූ බවකි.

ඒ සඳහා යම් තරමකට හෝ සහනයක් ලෙස පියාගේ පින් පඩිය තමා  වියදමට ගත් බවද ඇය පැවසුවාය.

පසුගිය දිනක ඇයට සායනය වෙත යෑමට නොහැකි වූ අතර එම කාර්යය පැවරුණේ ඔහුගේම ලේලියටය. මේ කිසිත් නොදත් ලේලිය සුපුරුදු ලෙස සායනයට ගොස්   රජයේ රෝහලින්  නොමිලයේ ලැබෙන බෙහෙත් මල්ල ගෙනැවිත් මොහු අත තැබූයේ ඔහු පුදුමයට පත් කරවමිනි.

 



අදහස් (0)

නොමිලයේ දෙන බේත් කඩෙන් අරන්: දුව පියාගේ පින් පඩියට තට්ටු කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site