IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


රුපියල් එකසිය අසූවක වාසියට අසූදාහක මාලෙ නැතිකරගෙන

බිංගිරිය  - නන්ද  එස්. ඒකනායක

රුපියල්  180 ක  වාසියක්  තකා රුපියල් 80000ක් වටිනා මාලයක්  අහිමි කරගත්  කාන්තාවක පිළිබඳව  බිංගිරිය ප්‍රදේශයෙන්  වාර්තාවිය.

එය බිංගිරිය නගරයට  නුදුරින් පිහිටි  සිල්ලර වෙළෙඳසලක  පාසල් දරුවන් සඳහා  වෙන්වූ  අධ්‍යාපනික  පුවත්පත්, සඟරා ආදියද  අලෙවිකරන තැනකි.  පසුගිය දිනෙක  උදේ 10 ට පමණ  කඩයට ගොඩ වැදුනු  තරමක් නවීකරණ වූ තරුණ පහේ  මවක්  එක්තරා අධ්‍යාපනික පුවත් පතක් පිළිබඳව  මුදලාලිගෙන්  කරුණු විමසුවාය.
 එහි මිල ගණන්, අඩංගු අතිරේක, සඟරාවේ  දිග පළල ආදිය ද   එයට ඇතුළත් විය. මුදලාලි පැවසුවේ කඩය තුළට පැමිණ පුවත් පත් රඳවා  ඇති රාක්කයෙන්  එය තෝරා ගන්නා ලෙසයි.

ඇතුළට පැමිණි කාන්තාව, ඒ සැනකින්ම ආපසු එලියට පැමිණ අදාළ පුවත් පත  එහි නොමැති බව  පවසමින්  ක්ෂණයකින්  අතුරුදන් වූවාය. ඊයේ ගෙනෙන ලද  සඟරාව මේවනවිට නොමැතිවීමට ඉඩක් නොමැති බව  සිතූ මුදලාලි, ඉතා ඉක්මනින්ම ඇය පිටවීම පිළිබඳවද සැකසිතී  වහා තමන්ගේ ආරක්‍ෂිත කැමරාව පරීක්ෂාකර බැලීය.

මුදලාලි සිතු පරිදිම රාක්කය අසලට ගිය කාන්තාව එක් සඟරාවක්  හතරට  නවා  ඇඳසිටි බ්ලවුසයේ  කර තුළින් ඇතුළට  දමා ගෙන  පිටව යන  අයුරු දක්නට ලැබුණි. ඒ සමගම  ඇගෙන් කිසිවක් බිමට වැටෙන ආකාරයක් ද  කැමරාවේ සටහන්වී තිබෙනු දුටු  මුදලාලි රාක්කය අසල  පරීක්ෂා කිරීමේදී බිම වැටී තිබූ කුඩා පෙන්ඩනයක් සහිත  රන් ආලේපිත  මාලයක්  සොයා ගත්තේය.

හදිසියේ  සඟරාව  බ්ලවුසය  තුළට ඔබා ගැනීමට යාමේදී  කර   පැලඳි මාලය මෙසේ  කඩා වැටී  ඇත. මුදලාලි පසුවදාම  කඩය ඉදිරිපිට ලොකු අකුරින් දැන්වීමක් ප්‍රදර්ශනය කළේය. එහි සටහන්ව  තිබුණේ. “ අපේ බඩුව ගෙනැත් දී ඔබේ බඩුව රැගෙන යන්න” යනුවෙනි.

එසේ වුවත්  බඩුවට - බඩුව  හුවමාරු කර ගැනීමට  මේ දක්වාම  කිසිවෙකුත් කඩයට පැමිණ නැති බව කඩහිමියා පවසයි.

 



අදහස් (0)

රුපියල් එකසිය අසූවක වාසියට අසූදාහක මාලෙ නැතිකරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site