විවාහ වී දෙවැනි ගමනින් ගමට එන අලුත බැඳපු මනාල ජෝඩු පෙන්නන්න බැරි බල්ලෙක් මළගෙදරක මීනිපෙට්ටිය සැරසීමට මල් කළඹක් රැගෙන ගිය පුද්ගලයකු මනමාලියක් යැයි සිතා හපා කෑම හේතුවෙන් රෝහල් ගතවීමට සිදුවූ පුවතක් බස්නාහිර පළාතේ ගමකින් වාර්තාවේ.
ගමේ ගෙදරක හැදී වැඩෙන කිසිම කෙනෙකුට හානියක් නොකර පාඩුවේ ඉන්නා මේ බල්ලාට රතු ඇඳගෙන මල් කළඹක් රැගෙන එන ජෝඩු පෙන්වන්නට බැරිය. එයට හේතුව වී ඇත්තේ කැමරා එළි සහ රතිඤ්ඤා දැල්වීම, කෑකෝගැසීම් වැනි විකාර මෙයාට නුරුස්සන නිසාය.
එවැනි දිනට බල්ලා නතර කිරීමට ගෙහිමියාට මහත් වෙහෙසක් දැරීමට සිදුවේ. අහල පහල මංගල උත්සවයක් පැවතියොත් ගෙහිමියා කරන්නේ ජෝඩුව එනවෙලාවට බල්ලා බැඳ තැබීමය.
මෙදින අහලපහල කෙනෙකු මියගියේය. දේහය මල්ශාලාවේ සිට පිරිසක් විසින් රැගෙන ආ අතර කඳුගැටයක් උඩ පදිංචි අයෙකු නිසා කඳුගැටය උඩට දේහය සහ ආම්පන්න රැගෙන යන්නට සිදු වුණේ කරමතිනි. පෙරහරක් මෙන් පිරිස බල්ලා සිටින නිවස අසලින් දේහය රැගෙන යද්දී දේහය සැරසීමට මල් කළඹත් රැගෙන යන රතු ටීෂටයක් හැඳ සිටි පුද්ගලයාගේ ඇඟට පැන හපා කෑවේය.
පිරිස කලබල වූ අතර බල්ලාගේ අයිතිකරුවා වහා දුවගොස් බල්ලා ගැට ගසා තුවාලකරු රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර අනතුරුව තුවාලකරුට පවසා ඇත්තේ තරහ වෙන්න එපා, බල්ලා හිතල තියෙන්නෙ ඔයා මනමාලියක් කියාය.
සුමති-කුඩලිගම
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මනාලියන්ගේ දෙවැනි ගමන පෙන්නන්න බැරි බල්ලා මල් වඩමටත් කඩා පැනලා