හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
බක්මහ උළෙලේ දී අන්ධයාට කිරි කැවීමේ තරගයට තරුණියක සමග සහභාගී වී සිටි දියණියගේ පෙම්වතා දුටු මවක් දියණිය සමග ගොස් එම තරුණියට පහරදීමේ සිද්ධියක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තාවේ.
සෑම වසරකම පැවැත්වෙන අවුරුදු උත්සවය සුපුරුදු පරිදි මෙවරත් ගමේ පාසලේ ක්‍රීඩාපිටියේ දී පැවැත්විණි.
විශාල පිරිසක් සහභාගි වී සිටි අවුරුදු උත්සවයේ දී ජන ක්‍රීඩා සහ විවිධ කෙළි සෙල්ලම්වලින් සමන්විත විය.
දහවල් වන විට අවුරුදු උත්සවය උණුසුම් මුහුණුවරක් ගත් අතර සෑම තරග ඉසව්වකටම විශාල පිරිසක් සහභාගි වීම එයට හේතුව විය. තරුණ තරුණියන් සඳහා වෙන් වූ අන්ධයාට කිරි කැවීමේ තරගය ආරම්භ වූ අතර ඒ සඳහා යෞවන යෞවනියෝ යුගල ලෙස තරගයට එක්වූහ.
තරගය ආරම්භ වී මද වේලාවක් යන විට කාන්තාවක් සහ තරුණියක් එක්වරම කඩා පැන තරගයට එක්ව සිටි තරුණියකට පහර දෙන්නට වූහ. සංවිධායකයන් දැඩි පරිශ්‍රමයක් දරා පහරදීම නතර කරගත් අතර අවුරුදු උත්සවය එකම කාලගෝට්ටියක් විය.
පහරකෑමට ලක්ව සිටි තරුණිය කිසිවක් සිතාගත නොහැකිව වික්ෂිප්තව සිටි අතර පහරදුන් තරුණිය සහ මව දැඩි ලෙස කෝපාවිෂ්ඨව සිටින අයුරු ද දිස්විය. තම දියණියගේ පෙම්වතා තවත් තරුණියක සමග අන්ධයාට කිරි කවන ආකාරය ඉවසිය නොහැකිව ඔහු සමග සිටි තරුණියට පහරදුන් බව කාන්තාව පැවසීම නිසා බක්මහ උළෙල එකම සිනා සාගරයක් විය.
පෙම්වතා තරගයට ඉදිරිපත් වී සිටියේ තම ලොකු අම්මාගේ දියණියක වන අක්කා කෙනකු සමග බව බොහෝ දෙනා දැන සිටි අතර සිද්ධිය අවුරුදු උත්සවය පුරා පැතිර යාමට ද වැඩි කාලයක් ගත නොවීය.
පෙම් සබඳතාව නිමාවට පත් කරමින් පෙම්වතා ප්‍රසිද්ධියේම දැඩිව පෙම්වතියටත් ඇගේ මවටත් දෝෂාරෝපණය කළ අතර තරුණ තරුණයන්ගේ නොයෙක් උසුළු විසුළු මැද මව සහ දියණිය එම ස්ථානයෙන් පිටව ගියේ වචනයක්වත් නොකියා හිස පහත් කරගනිමිනි.
2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අන්ධයාට කිරි කවද්දී කතුන් දෙන්නකුට යකා වැහිලා