මැදගම වාර්තාකරු
ඇස්වහ කටවහ වැනි මතවාද දැඩි ලෙස විශ්වාස කළ මව්පිය දෙපළක් නිසා පසුගිය වාර විභාගයෙන් වැඩි ලකුණු ගත් දරුවකුට මෙවර වාර විභාගයෙන් ඉතාමත් අඩු ලකුණු ලබාගෙන පෙර තිබූ තම ස්ථානය ද අහිමි වූ පුවතක් මැදගම ප්‍රදේශයේ පාසලකින් අසන්නට ලැබුණි.
සිද්ධිය සැකෙවින් මෙසේ ය.
සෑම වාර විභාගයක දීම අදාළ සිසුවිය සෑම විෂයකටම ඉතාමත් දක්ෂ ලෙස පිළිතුරු ලියා පන්තියේ පළමු ස්ථානය ලබා ගත්තාය. පාසලේ ද හොඳින් වැඩ කටයුතු කළ නිසා ඇය සෑම දෙනාගේ සිත් දිනාගත් තැනැත්තියක ද වූවාය.
එසේ වැඩකටයුතු කරමින් සිටින අතරතුර මෙවර වාර විභාගය පැවැත්වුණි. එහිදී උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේ දී පන්තිභාර ගුරුවරියට දැක ගත හැකි වූයේ අදාළ සිසුවිය හිතාමතාම වැරදි පිළිතුරු සපයා ඇති ආකාරයයි.
සිද්ධියෙන් ඉතාමත් දුකට හා කේන්තියට පත් ගුරුවරිය සිසුවිය කැඳවා හේතු විමසන්නට විය.
එහිදී සිසුවිය ‘‘ටීචර්, පන්තියේ අන්තිමයා වුණාට කමක් නැහැ, පළවෙනියා වෙන්නෙ නැතුව, හැමදාම පළවෙනියා වුණාම මිනිස්සු ඉරිසියාවට ඇස්වහ කරනවා” යැයි තම මව හා පියා පැවසූ බවත් පළවෙනියා වුණොත් මව්පියෝ දඬුවම් කරති යන බියෙන් වැරදි පිළිතුරු ලියූ බවත් ගුරුතුමිය සමග පවසා සිටියේ කඳුළු පිරි දෙනෙතිනි.
ගුරුතුමිය වහාම මව්පියන් කැඳවා ඔවුන්ට මේ පිළිබඳව කරුණු පහදා දුන් බවත් මින්පසු එසේ නොකරන බවට මව්පියන් ගුරුතුමියට පොරොන්දු වී ඇති බවත් වැඩිදුරටත් දැන ගන්නට ලැබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර තරම් මෝඩ දෙමව්පියන් නම්... මේ තරම් උගත් ළමයෙක් බිහිකරන්න පුලුවන් වුණේ කොහොමද? මාර ප්‍රශ්නයක්...
තුම්පනේ, මැදගම්පොළ ඔය වාගේ වැඩවලට ප්‍රසිද්ධයි. පංතියේ පළවෙනියා වුණත් ගම තුම්පනේනේ...