කරන්දෙණිය – එම්. සුසිල් පියන්ත
යන හැම උත්සවයකදීම තේ මේසේ කෑම සාරි ෙපාටේ හංගාගෙන එන කාර්යාලයීය විධායක නිලධාරිනියක මෙම ක්‍රියාවෙන් අලි අමාරුවක වැටුණු අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
ඇයගේ රාජකාරියට අදාළ උත්සව සඳහා ආරාධනා නිතරම ලැබෙන්නේ දරන තනතුර නිසාය. ඒ වෙනුවෙන් තේ මේසයට යාමට සිදුවනුයේ ද ඇයටය. පුරුද්දක් වශයෙන් ඇය තේ මේසයට සහභාගි වී එහි තියෙන හොඳ කෑම ජාති කිහිපයක් ඔතාගෙන සාරි පොටේ හංගාගෙන එන්නේ පුරුද්දට මෙන්ය. කවුරු හිටියත් ඇය මෙයට පුරුදු වී සිටියාය.
එදා පැවැති උත්සවයේ තේ මේසය සඳහා ද ඇය ගියාය. වෙනදා මෙන්ම කෑම මේසයේ කෑම ටිකක් ඔතාගෙන සාරි පොටේ හංගාගෙන එළියට එමින් සිටියාය. දාගෙන ගිය අඩි උස සෙරෙප්පු දෙක සාරියේ පැටලී වැටෙන්නට ගියේ ඇගේ සමබරතාව බිඳී ගිය නිසාය. නොවැටී බේරෙන්න ඇය ගත් උත්සාහයත් සමගම සාරි පොටේ හංගාගෙන ගිය කෑම ටික අතින්ගි ලිහී ගියේ ඇය නොදැනුවත්මය.
තේ මේසයෙන් ගත් කෑම ටික සීසීකඩ විසි වී, ඇයගේ තත්ත්වය මෙන්ම සාරියේ සායම ද සේදී ගියේ උත්සවයේ සෙනග ඉදිරියේය.
2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
සාරි පොටේ කෑම හංගපු විධායක ලොක්කිට තරු පෙනිලා
himal Thursday, 06 April 2023 01:24 PM
තමන්ට කන්න දීපු කෑම වලින් මොනවා හරි ළමයින්ටනේ අරන් යන්න ඇත්තේ එහෙම නැතුව විකුණන්න නෙවෙයිනේ. ඇයි මේ වගේ අපහාසාත්මක විදිහට ලියන්නේ?මේවා ලියන මිනිස්සුන්ට දරුවො නැද්ද?
Pradeep KumaraThursday, 06 April 2023 09:36 PM
ළමයින් ඉන්නවා කියලා හොරෙන් ගෙනියන එක වැරැදියි නේද? ළමයින්ට ටිකක් ගෙනියන්න දෙන්න කියලා කිව්වා නම් කිසිම කෙනෙක් නොදී ඉන්න එකක් නෑ. ඒ වගේම මේ වගේ ලැජ්ජාවක් වෙන්නෙත් නෑ.
himalMonday, 10 April 2023 08:47 AM
මෙයා කෑම මේසෙට එන්නේ නැතුව තියෙන ඒවා හොරෙන් අරගෙන ගියානම් හොරකම... මෙයා ඇවිල්ලා තමන්ට කන්න දීපු ඒවා ඔතාගෙන ගියා කියලා ඇති වැරැද්ද මොකක්ද?
kahawita Friday, 07 April 2023 01:52 AM
අම්මලා සාමාන්‍යයෙන් මගුල් ගෙදරක ගියත් දෙන කේක් කෑල්ල කන්නේ නෑ. ගෙදර ගේනවා ළමයින්ට දෙන්න. මේකත් ඒහෙම වෙන්න ඇති. පවු.