IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ඡන්ද පත්‍රිකා ගෙනයන්න කීවාම නළලේ අළු ගා ගන්න කියලා

මීරිගම විශේෂ – පුෂ්පකුමාර මල්ලවආරච්චි

පළාත් පාලන මැතිවරණය සඳහා මුද්‍රණය කරන ලද අත් පත්‍රිකා ගෙන යන්නැයි ඉල්ලූ අවස්ථාවේ, ඒවා පුච්චා, නළලේ අළු ගා ගන්නා ලෙස මුද්‍රණාල හිමිකරුවාට පැවැසූ අපේක්ෂකයකු පිළිබඳ පුවතක් ගම්පහ දිසාවේ නගරයකින් වාර්තා විය.

මැතිවරණය සඳහා ප්‍රධාන පෙළේ දේශපාලන පක්‍ෂයකින් නාම යෝජනා ලබාදුන් අපේක්ෂකයෙකි. නගරයේ නමේ මුල් අකුරින්ම කියවෙන ගමේ අපේක්ෂකයකු ලෙස නාම යෝජනා දුන් සැණෙකින් ඔහු නගරයේ මුද්‍රණාලයකට ගියේ අත් පත්‍රිකා මුද්‍රණය කරගැනීම සඳහාය. කලක් තිස්සේ ගම නියෝජනය කළ දේශපාලකයකුගේ සහතිකය දුරකතන පණිවිඩයක් මගින් ලබාදීමට මේ අපේක්ෂකයා කටයුතු කරනු ලැබුවේ විශ්වාසය ඇති කරගනු පිණිසය. රුපියල් දහසය දහසක ඇණවුමක් ලබා දුන් ඔහු සුළු මුදලක් අත්තිකාරම් ලෙස ගෙවීය.

අත් පත්‍රිකා ඉක්මනින් අවශ්‍ය බව කී මේ අපේක්ෂකයා, ඉතිරි මුදල ඉක්මනින් ගෙවන බවට පොරොන්දු විය. පත්‍රිකා මුද්‍රණය කෙරිණි. මැතිවරණයට නියම වූ දින වෙනස් වීමත් සමග අපේක්ෂකයා පත්‍රිකා ගෙන යාමට ආවේ නැත. ඒ නිසා මුද්‍රණාලයෙන් ඔහුට ඇමතුම් පිට ඇමතුම් දෙමින් ගනුදෙනුව අවසන් කරන ලෙසට ඉල්ලීය. මැතිවරණය කල් ගිය නිසා සම්පූර්ණ මුදල වෙනුවට ගිය වියදම පමණක් පියවන ලෙස ද ඉල්ලීමක් ඉදිරිපත් වූයේ සාධාරණයක් කරන්නටය. විවිධ පිළිතුරු දෙමින් කල් ගත කළ අපේක්ෂකයා අවසන් වතාවේදී මුද්‍රණාල හිමිකරුට ගෝරනාඩු කළේය.

“ඡන්දෙකුත් නැතිව ඕවා මම අරගෙන ඇවිත් මොනවා කරන්න ද, පුච්චලා නළලේ අළු ගා ගනින්” යැයි ඔහු පැවැසීමත් සමග හොඳ දෙක තුනක් ඔහුට ද අසා ගන්නට ලැබිණි. කණ්ඩායමේ සගයා ගැන නායකයාට ද පැමිණිලි කළේ ඉන් අනතුරුවය. “ඕකා හොරෙක්” නායකයාගෙන් ලැබුණු සහතිකයෙන් ද කියවිණි.

 



අදහස් (0)

ඡන්ද පත්‍රිකා ගෙනයන්න කීවාම නළලේ අළු ගා ගන්න කියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 662 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17741 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 743 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site