පිරිසක් ඉදිරියේ වීරත්වය පෙන්වීමට ගොස් බිරියගේ සහාය පැතූ සැමියකු ගැන අපට යාපහු පුරවරයට අයත් ගම්මානයකින් අසන්නට ලැබුණි.
ඔහු දිනක් පාටියකට නිවසින් පිට වී ගියේ සවස් යාමයේදීය.
මත් වතුර පානය කරන අතරේ කණ්ඩායම එක්ව ගීත ගයමින් ඔවුහු විනෝද වූහ. ඒ අතරේ ගමේ පැතිර යන හොල්මන් ගැන කතා කරන්නට වූහ. ඒවා ඇසූ සමහරු බියට පත්වූහ. එහෙත් පැමිණි මෙම තැනැත්තා කිසිවකටත් බිය නැතැයි කියා තම වීරත්වය පෑවේය.
පාටියට ගෙනා අරක්කු ඉවර වුණේ ඒ අතරවාරයේය. මැදියම් රැයත් ඉක්ම ගොස් ඇති නිසා ඒවා ගැනීමටද තැනක් නැත.
කෙසේ හෝ වැඩි මුදලට අලෙවි කරන ස්ථානයක් ගැන තොරතුරු හෙළි විය.
එහෙත් එහි යා යුත්තේ කවුද?
වීරත්වය පෑ මොහුට වීරයෙක් නම් තනිවම ගිහින් එන්නට රැස්ව සිටි අය අභියෝග කරති.
අභියෝගය බාර ගත් ඔහු තනිවම එහි යාමට පිටත් විය.
කිලෝ මීටර් ගණනාවක් තනිවම යා යුතුව ඇත. ඒ යන මාවතේ පොදු සුසාන භූමියකි. කපා කොටා මරා දැමූ කාන්තාවකගේ මෘත දේහයක් එහි තැන්පත් කර ඇත්තේද දින කිහිපයකට පෙරය. මෙහි තිබෙන හොල්මන් ගැනද ඔහු අසා ඇත. මේ නිසා තනිව පැමිණි ඔහුට එම පොදු සුසාන භූමිය පසුකර යාමට දෙපා වාරු නැත.
යා යුතු ගමන නොයා ඔහු තම නිවසට පැමිණියේය. සිදුවූ අකරතැබ්බය ඔහු ඇයට කීවේය. සැමියාගේ බිය ගුලු බව හොඳාකාරවම දන්නා බිරිය ඔහු හා යාමට සැරසුනාය. දෙදෙනා යතුරුපැදියෙන් යන අතරවාරයේදී ඇය පොදු සුසාන භූමිය ඉදිරියේ එය නතර කළාය.
සැමියාට ඒ ටික දුර ගොස් අරක්කු බෝතලය ගෙනෙන ලෙසට පවසා ඇය තනිවම එහි සිටියාය. යතුරුපැදිවලින් පිරිසක් එනවා දුටු ඇය ඔවුන්ට නොපෙනෙන්නට සොහොන දෙසට පිය මැන්නාය.
එහෙත් එතැනින් ගිය පිරිස තනිවම කතක් සොහොනේ සිටිනු දැක හොඳටම බියට පත් වූහ.
සැකය දුරු කරන්නට මෙන් ගිය පිරිස ආපසු හැරී එතැනට එන අතරේ යතුරුපැදියක් ඇවිත් එහි නතර වූ සැනින් එහි සිටි කතක් යතුරුපැදියට නැගී නොපෙනී ගියාය.
එහි යතුරුපැදියෙන් පැමිණියේ අහවලා බවත්, එතැන රැඳී සිට නැගී ගියේ ඔහුගේ බිරිය බවත් සැකයෙන් පසු වූ පිරිස වටහා ගත්හ.
මැදියම් යාමයේ එතැන සිදුවූ සිදුවීම ඔවුන් පසුදා ගම වටා පැතුරූහ. එය පෙර දින රාත්‍රියේ පාටියට ගිය පිරිසටද දැන ගන්නට ලැබුණි. බිය නැතැයි කියා තනිවම ගිය සැමියා බිරියගේ සහාය පැතූ සිද්ධියෙන් ඔහුගේ සැබෑ වීරත්වය දැන් ගමට විතරක් නොව ප්‍රදේශයටම ප්‍රසිද්ධ රහසක්ලු.
මොරගොල්ලාගම සිසිර කැලේගම
2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
අනුන්ට හයිය පෙන්වන්න බිරිඳගෙන් උදව් ඉල්ලලා