IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කරිඤ්ඤං ගැසු ගෑනුන් තේ දලු වෙනුවට කොළ නෙළලා

තේ ඉඩමේ සඟවා තිබූ සීනි කරිඤ්ඤං මුට්ටියක රස බැලූ දලු කඩමින් සිටි කාන්තාවන් දෙදෙනකු  බමන මතින් ළා දලු‍ වෙනුවට මෝරපු දලු‍ කැඩීම නිසා තේ ඉඩම් හිමියාට බරපතළ පාඩුවක් විඳීමට සිදුවීමේ පුවතක්  දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.

එම ගම් ප්‍රදේශයේ ජනතාවගෙන් බහුතරය කුඩා තේ ඉඩම් හිමියන්ය. අක්කර කාලක පමණ සිට අක්කර පහ දක්වා ප්‍රමාණවලින් යුතු තේ ඉඩම් එම ප්‍රදේශයේ බැලූ බැලූ අත දකින්නට ලැබෙයි.

මෙම කුඩා තේ ඉඩම් හිමියෝ තම ඉඩම්වලින් කඩන දලු‍ පෞද්ගලිකවම තම වාහනවලින් හෝ හිස මතින් ගමේ කෙළවර ඇති තේ කම්හලට ගෙනගොස් බාර දෙති.

මේ කුඩා තේ ඉඩම් හිමියාද තම ඉඩමේ තේ දලු‍, කාන්තාවන් ලවා කඩවා තම යතුරුපැදියෙන් ඒවා කම්හලට ගෙනගොස් බාර දෙයි.

හොඳ තත්ත්වයේ ගුණාත්මක තේ නිපදවීම සඳහා කොළ දෙක හමාරේ දලු‍ සැපයීම නියමයක් බැවින් ⁣මෙම ඉඩම් හිමියා එම ප්‍රමිතියෙන් යුතු හොඳ දලු‍ සැපයීමට ඉතා උනන්දු වන කෙනෙකි. හොඳ දලු‍ සපයන වගාකරුවකු වශයෙන් හෙතෙම කම්හලේ පාලනාධිකාරියේද හිත දිනාගෙන සිටියි.

කොළ දෙක හමාරේ ප්‍රමිතිය නොතකා මෝරන ලද දලු‍ ගෙනගියහොත් දලු‍ ගෝනියකට කිලෝ එකක් කැපීම කම්හල විසින් සිදු කරයි. එක ගෝනියකින් මෝරන ලද දල්ලක් දෙකක් හසු වුවද කිලෝවක් කැපීම වගාකරුවා නොරිස්සන දෙයකි.

මෙම තේ ඉඩමට ආසන්නයේ සිටින අනවසර මත්පැන් පෙරන්නා පොලිසියෙන් වසන්වීම සඳහා තම සීනි කරිඤ්ඤං මුට්ටිය එක් එක් දවසට මෙම තේ ඉඩමේ විවිධ තැන්වල සඟවයි.

පසුගිය දිනෙක දලු‍ කඩමින් සිටි කාන්තාවකගේ පයේ මෙම කරිඤ්ඤං මුට්ටිය ගැටීම නිසා ඔවුහු ඒ පිළිබඳව විපරම් කර බැලූහ.

‘‘ආ  මේ තියෙන්නෙ ඇඩ්ඩින් අයියගෙ කරිඤ්ඤං මුට්ටිය, අපේ මිනිහත් මේව බීල ඇවිල්ල තමයි හැන්දෑවට නටන්නෙ. මොකෝ අපට හොඳ නැතෙයි මේව බොන්න”‍ කියමින් අනෙක් කාන්තාවද සමඟින් පෙණ දමමින් තිබූ කරිඤ්ඤං මුට්ටියෙන් පොල්කටු දෙක තුනක් වක්කරගෙන ඇඟට පතට නොදැනීම බීගෙන බීගෙන ගියහ.

එදින සවස දලු‍ බාරදීමට ඉඩම් හිමියා තේ කම්හලට ගිය විට ඔහුගේ දලු‍ පරීක්ෂා කර බැලූ නිලධාරියා විමතියට පත්විය. හැමදාමත් හොඳ දලු‍ සපයන මොහුගේ දලු‍ ගෝනි මෙදින කොළ පහ හය සහිත තේ කරටිවලින් පිරී තිබිණ.

ඒ අනුව එම දලු‍ තොගයෙන් සැලකියයුතු ප්‍රමාණයක් කපා හැරීමට නිලධාරියාට සිදුවිය.

තමාට විශ්වාසවන්තව දිගු කාලයක් තිස්සේ ඉතා හොඳ ප්‍රමිතියට දලු‍ කඩා දුන් දෙන්නාට අද සිදුවූයේ කුමක්දැයි අහසපොළොව ගැටලන කල්පනාවක නිරත වෙමින් ආපසු නිවෙස බලා පැමිණෙමින් සිටි ඉඩම් හිමියා හිතේ අමාරුවටත් එක්ක අඩියක් ගහන අදහසින් ඇඩ්ඩින් අයියාගේ තිප්පොළට ගොඩ වූයේය.

එහිදී එදින තමාගේ කරිඤ්ඤං මුට්ටියෙන් පොල්කටු දෙක තුනක පමණ ප්‍රමාණයක් අඩුවී තිබුණු බව ඔහු සමඟ පවසා ඇති ඇඩ්ඩින් අයියා දලු‍ කඩන ගෑනු දෙන්නවත් බීවාදැයි සැක සහිත බව ප්‍රකාශ කිරීමත් සමඟ මෝරපු දලු‍ කැඩීමට හේතුව කුමක්දැයි ඉඩම් හිමියාටද  කල්පනා වී තවත් තම ඉඩමේ කරිඤ්ඤං මුට්ටිය සඟවනු එපා යැයි ඇඩ්ඩින් අයියාටද ගෝරියක් දමා ගෑනු දෙදෙනාගේ නිවෙස් බලා ඉගිලුනේ ඔවුන්ටද ලු‍ණු ඇඹුල් ඇතිව දෙකක් කතා කිරීමේ අදහසින්ය.

 



අදහස් (0)

කරිඤ්ඤං ගැසු ගෑනුන් තේ දලු වෙනුවට කොළ නෙළලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 662 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17741 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 743 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site