IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


කසාද බඳින්න තදියම් වී බසයෙන් බැස රෙජිස්ට්‍රාර් ළඟට ඇවිත්

මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි

කුරුණෑගල  බස් නැවතුමේ දී හමු වූ තරුණයකු හා තරුණියක හමුවෙන් දෙපැයක් යන්නට පෙර  විවාහ වන්නට දිවුලපිටිය ප්‍රදේශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයකු සොයා ගිය පුවතක් පසුගිය දා වාර්තා විය.

මාතලේ පෙදෙසේ තරුණිය වෙළෙඳ කලාපයේ සේවය කරන්නියකි. ඇය නවාතැනට එන්නට කුරුණෑගල බස් නැවතුමේ සිටිය දී හමු වූ තරුණයකු හා ඉගි බිගි පාන්නට වූවාය. දෙදෙනා කටුනායක බලා යන බසයට ගොඩවී එකම අසුනකට බරවූයේ ඒ වනවිටත් පැවැති ඇඟෑලුම් කම නිසාය. බසය පිටත්විය. දෙදෙනාට ඒ ගැන වගක් නැත. පෙම් බස් දොඩන්නට වූහ. කොටදෙණියාව පසු කරද්දී තරුණයා ‘‘අපි බඳිමු’’ කියා යෝජනා කළේය. තරුණිය එක පයින් ඊට කැමති වූවාය.

කටුනායක බලා යෑම පසෙකලු යුවළ දිවුලපිටිය නගරයේ දී බසයෙන් බැස්සෝය. ත්‍රීරෝද නැවතුමට ගිය තරුණයා එහි සිටියකු හා කතිකා කළේය. රියට ගොඩ වූ යුවළ රැගත් ත්‍රීරෝදය නතර වූයේ විවාහ රෙජිස්ට්‍රාර් කාර්යාලයක් අසලය. රෙජිස්ට්‍රාර්වරයා හමු වූ තරුණයා ‘‘අපි බඳින්න ආවායී’’ කියද්දීම ඔහුට දුරකතන ඇමතුමක් ලැබිණි

තරුණයා පසෙකට වී ඇමතුමේ යෙදෙද් දී රෙජිස්ට්‍රාර්වරයා ත්‍රීරෝද රියැදුරාගෙන් යුවළ ගැන විමසීය. ඔහු කීවේ ඔවුන් රෙජිස්ට්‍රාර් කාර්යාලයකට යාමට අවශ්‍ය බව කී නිසා කැඳවාගෙන ආ බවයි.

රෙජිස්ට්‍රාර්වරයා තරුණියගෙන් තොරතුරු විමසුවේ ඉන් අනතුරුවය. ඇය මාතලේ බවත් තරුණයා අනුරාධපුරයේ බවත් පැවසු බව ද ඇය කීවාය. ඇය දෙදෙනා හඳුනා ගත් ආකාරය විස්තර කළේ අනතුරුවය.

මෙසේ හදිසි විවාහයකට යොමුවීමෙන් සිදුවිය හැකි අනර්ථකාරි තත්ත්වය ගැන රෙජිස්ට්‍රාර්වරයා තරුණියට කරුණු කාරණා පැහැදිලි කර දෙද්දී තරුණිය සිටියේ කඳුළු පිරි දෙනෙතින් යුතුවය. එමෙන්ම දෙදෙනාගේ පදිංචි  කෝරළයන් වෙනස් වන නිසා විවාහය ලියා පදිංචි කිරීමේ නොහැකියාව ද තේරුම් කර දුන්නේය. 

ඇමතුම අවසන් කර පැමිණි තරුණයාගෙන් ද තොරතුරු විමසූ රෙජිස්ට්‍රාර්වරයා තමන්ට මෙම විවාහය ලියාපදිංචි කිරීමට ඇති නීතිමය නොහැකියාවන් පැවසීමෙන් පසු දෙදෙනාම යළි රියට ගොඩවී පිටත්ව ගියහ.

දින කිහිපයකින් රෙජිස්ට්‍රාර්වරයාට ලැබුණු ලිපියකින් කියවුණේ තමන්ගේ ජීවිතය බේරා දීම ගැන ස්තුතිවන්ත වන බවය. හදිසියේ හමු වූ පෙම්වතා ලෝක හොරකු බවට හෙළි වූ යැයි ද ලිපියේ සඳහන් කර තිබිණි.



අදහස් (3)

කසාද බඳින්න තදියම් වී බසයෙන් බැස රෙජිස්ට්‍රාර් ළඟට ඇවිත්

pakeer Monday, 27 March 2023 12:03 PM

මට මතක් වෙන්නෙම දුන්හිඳ අද්දර ටෙලි ඩ්‍රාමා එක.

:       1       8

fairoos Monday, 27 March 2023 04:09 PM

මෙහෙමත් වෙනවද?

:       0       10

දිමුත් Thursday, 30 March 2023 02:33 PM

නාමල්ට ජනාධිපති වෙන්න පුලුවන් වෙයි වගේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site