IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


භූමියේ දෝසෙ කපන්න ඉඩම කෙළින් කරලා

ඉඩමේ පිහිටීම එම නිවැසියන්ට අපල යැයි පවසමින් අල්ලපු ඉඩමෙන් අඩක් පමණ තම ඉඩමට යා කර ගන්නට තැත් කළ නක්ෂත්‍රකරුවකු පිළිබඳ පුවතකි.

සිද්ධිය මෙසේය.

ඔවුහු ගම්බද ප්‍රදේශයක පිහිටි යාබද ඉඩම් දෙකක පදිංචිකරුවෝය. එක් අයෙකු නක්ෂත්‍රකරුවෙකි. අනෙකා පෙදෙරේරු රස්සාවෙන් එදා වේල සරි කර ගන්නෙකි.

පවත්නා ආර්ථික පීඩාකාරී තත්වයත් සමග සිය රැකියාව  අනතුරට ලක්වීම හේතුවෙන් පෙදරේරු රැකියාවේ නිරත වූ හෙතෙම ගතවූ මාස කීපයේ සිය ජීවිකාව කරගෙන ගියේ හතර අතේ ණය වෙමිනි.

දිනෙන් දිනම පවුලේ ණය තුරුස් ඉහළ යාම හේතුවෙන් පෙදරේරුවාගේ බිරිඳ පසුවූයේ දැඩි කනස්සල්ලෙනි. අරපිරිමැස්මෙන් වියපැහැදම් කරන්නට කොතෙක් වෙහෙසුනද එය නිෂ්පල කටයුත්තක්ම විය. අවසානයේ ඇය නතර වූයේ යාබද නිවසේ පදිංචි නක්ෂත්‍රකරුගේ නිවසේය.

සිය අත්දැකීම් මෙන්ම නක්ෂත්‍රය පිළිබඳ දැනුමද පෙදරේරු බිරිය ඉදිරියේ කිසිදු ලෝභකමක් නැතිව දිග හැරි නක්ෂත්‍රකරු ඇයට ලබා දුන්නේ අපූරු උපදෙසකි.

‘‘නංගි මම උඹලගෙ පවුලට වෙලා තියෙන වින්නැහිය දැක්කේ අද ඊයේ නෙවෙයි. ඒත් කියන්නේ කොහොමද කියලයි හිටියෙ. අනෙක උඹල දෙන්න කොයි වෙලාවෙ  හරි මට  ඔය ගැන කියන බවත් මම  දැනගෙනයි හිටියෙ. අදටත් උඹල ඔහොම ඉන්න  එකත් මට පුදුමයි’’ නක්ෂත්‍රකරු උජාරුවෙන් කියා සිටියේ තමුන් නක්ෂත්‍රයෙන් කෙළ පැමිණියකු බව අඟවමිනි.

ඔය දෝෂය ලේසි පහසු එකක් නොවෙයි. ඉදිරියේදී දරුවන්ටත් කරදර එන්න පුලුවන්. ඒකට හේතුව තමයි උඹල ඔය පදිංචි ඉඩමේ පිහිටීම. අපේ ඉඩම පැත්තට මුහුණ දාලා තියෙන ඉඩමෙ මුල්ල හරිම අසුබයි. ඔය මුල්ල නිසා අපේ ගෙදරටත් දෝෂ ඇතිවෙලා. මං ඉතින්  ඔය යන්ත්‍ර මන්ත්‍ර දන්න නිසා ආරක්ෂාවක් කරගෙන ජීවත් වෙනව. ඕක කඩ න්න නම් ඔය මුල්ල නැතිවෙන විදිහට ඉඩමේ පිහිටීම කෙළින් කරන්න ඕනි. ‘‘නක්ෂත්‍රකරු කියාගෙන ගියේ පෙදරේරුවාගේ බිරිය භීතියෙන් භීතියට පත්කරමිනි.

දෙවරක් නොසිතූ ඇය ඉඩම් ඇදය හරිගස්සන්නට යෝජනාව ගෙන ආ නක්ෂත්‍රකරුටම බාර කළේ ඔහු කෙරේ පූර්ණ විශ්වාසය තබමිනි.

කිසියම් ඉදිකිරීම් කටයුත්තක් සඳහා දින කීපයක් දුර බැහැර කොන්ත්‍රාත් වැඩපලක සේවයට ගොස් සිටි සැමියා සිය වත්තට ගොඩ වෙද්දීම දුටුවේ තම ඉඩමේ අඩකට ආසන්න කොටසක් යාබද ඉඩමට යාවන පරිදි වැටක් ගසා ඇති අයුරකි.

යක්ෂයා ආවේශ වූ හෙතෙම නිවසට කඩා වුදුණේ සිය බිරිඳගෙන් ඊට හේතු විමසමිනි.‘‘යක්ෂාවේශ වී සිටි සැමියා ඉදිරියේ ඇය සියල්ල පවසා සිටියේ පවුලට ඇතිවී තිබෙන දෝෂය පිළිබඳවද ඔහු දැනුවත් කරමිනි.

බිරියගේ කතාවෙන් තව තවත් කෝපවිෂ්ඨ වූ හෙතෙම ආවේශ වූ කපුවකු පරිද්දෙන් තම ඉඩමෙන් අඩක් පමණ යාවෙන ලෙස නක්ෂත්‍රකරු විසින් සකස් කර තිබූ ඉණි වැට ගලවා විසි කළේ‘‘ගෑනු මෝඩයින්ට අන්දන මෙහෙමත් මිනිස්සුයැයි ගුගුරමිනි.

සිද්ධියෙන් පසු නක්ෂත්‍රකරු හමුවූවිට ගමේ කොල්ලො කුරුට්ටෝ ‘මාමෙ ඉඩමක් කෙලින් කරමුදැ’ අසනවාලු.

වියලුව වාර්තාකරු



අදහස් (0)

භූමියේ දෝසෙ කපන්න ඉඩම කෙළින් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 77 0

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 660 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 783 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 666 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1244 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 723 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 668 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 172 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1201 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site