IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ලේ පෙරාගත් සැමියා දෙස නොබැලූ බිරිඳ ත්‍රීවිලරය කැඩුණාට විලාප දීලා

ත්‍රිරෝද රථය අනතුරට ලක්වීමෙන් පසු බරපතළ තුවාල ලැබූ සැමියා පිළිබඳව සැලකිල්ලක් නොදක්වා වාහනයට සිදුව ඇති අලාබය පිළිබඳව හඬා වැළපුණ බිරිඳක් පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තාවේ.

ප්‍රේම සම්බන්ධයක් අනුව හඳුනාගෙන  විවාහ වූ යුවළට දියණියන් දෙදෙනෙකි. සැමියා මත්පැන්වලට ගිජුකමක් දක්වන අතර එදිනෙදා කුලී වැඩක් කර‍ගෙන ජීවත්වුවද යහමින් මිලමුදල් ඔහු සතුවිය. බිරිඳ නොකරන දෙයක් නොමැති අතර පොලියට මුදල් ණයට දීම සහ උකස් බඩු ගැනීම ඇයගේ ප්‍රධාන ආදායම් මාර්ගයයි. රුපියල් ශතවලට දැඩි කැමැත්තක් දක්වන ඇය පුරසාරම් හා වහසි බස් දෙඩීමේ උපන් හපන් හැකියාවක් ඇති තැනැත්තියකි.

දිනපතාම මත් පැන් අඩියක් ගැසීම පුරුද්දක් කරගත් සැමියා සුපුරුදු පරිදි ඒ සඳහා ගොස් පෙරලා පැමිණෙමින් සිටියදී ඔහු විසින්ම පදවාගෙන ආ  ත්‍රිරෝද රථය පෙරළී ගියේය. අනතුරෙන් බරපතළ තුවාල ලැබ සිටි ඔහු පාරේ ගමන් කළ කිහිප දෙනෙකු විසින් නිවසට රැගෙන ගොස් තිබුණි. සිදුවූයේ කුමක්දැයි බිරිඳ විමසා සිටි අතර වාහනය පෙරලුනා  යැයි සැමියා පැවසීය. බිරිඳට උන්හිටිතැන් අමතක විය.

අපරාදේ වීල් එක යැයි පවසමින් දියණියද සමග බිරිඳ අනතුරු සිදුවූ ස්ථානයට දිව ගියහ. තුවාලකරු රැගෙන ගිය පිරිස තුෂ්නීම්භූතව බලා සිටියහ. බිරිඳ සහ ලේලිය ත්‍රිරෝද රථයට සිදුව ඇති හානිය පිළිබඳව අනතුරු සිදුව ඇති ස්ථානයේ හඬා වැටෙමින් සිටිද්දී අසල්වැසියෝ සැමියා රෝහල කරා ගෙන ගියහ. පසු දින වන විට සිද්ධිය ගම පුරා පැතිර යාම නිසා ටික දිනක් යන තෙක් මව සහ දියණිය නිවසින් බැහැර නොගිය බවද සැලවේ.

හක්මන විශේෂ දෙනගම යසන්ත ආරියසේන

 



අදහස් (0)

ලේ පෙරාගත් සැමියා දෙස නොබැලූ බිරිඳ ත්‍රීවිලරය කැඩුණාට විලාප දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 662 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17741 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 743 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site