IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කනත්තට අරන් ගිය පොල් ගෙඩිය බෑගයකට රිංගලා

මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි

දේහයක් මිහිදන් කිරීමට කනත්තට යද්දී ගෙන ගිය පොල් ගෙඩි දෙක අවසන් කටයුතු කරන පිරිසට බාර නොදී ගෙදර ගෙනියන්නට කටයුතු කළ මල්ශාලා රියැදුරකු පිළිබඳව පසුගියදා ගම්පහ දිසාවේ ගම් පෙදෙසකින් වාර්තා විය.

මියගිය අයකුගේ දේහය සොහොන් බිම කරා ගෙන යන අවස්ථාව ඥාතීන් මල් ශාලාවට පැවරුවේ දේහය කරමතින් ගෙන යන්නට තිබූ දුර සැලකිල්ලට ගනිමිනි. පාංශකූලය දී අවමඟුල් උළෙලේ කටයුතු අවසන් වීමෙන් පසු දේහය සොහොන් බිම කරා ගෙන යාමට මල්ශාලා රියට ඇතුළු කළේය.

මල් වඩම්, මල් කළඹ ආදිය සමග අවසන් කටයුතු කිරීමේදී චාරිත්‍රානුකූල කටයුතු සඳහා අවශ්‍ය පොල් මල පොල් ගෙඩි දෙක හා කුරුම්බා ගෙඩිය ද ඥාතීහු දේහය තැන්පත් කළ රියට බාර දුන්හ.

සොහොන් බිමේදී එහි කටයුතුවල නිරතව සිටි පිරිස දේහය බාරගෙන කරමතින් මිහිදන් කරන ස්ථානය කරා ගෙන යද්දී මල් ශාලා සේවකයා එම රියේ ගෙන ආ භාණ්ඩ බිමට බෑ විගස ආපසු පිටත්ව ගියේ කඩිමුඩියේමය. දේහය වළ දැමීමේ කටයුතු කෙරෙමින් පැවැතියදී පොල් මල හා පොල් ගෙඩි දෙක නොමැති බව දැන ගන්නට ලැබිණි.

ඒ බව සැලවූ වහාම ඥාතින් ඒ ගැන සොයා බැලීමේ යෙදුණත් ඒ වනවිට මල්ශාලා රිය ආපසු ගොස් ඇති බව දැන ගන්නට ලැබිණි. පොල් ගෙඩි දෙකක් යළි සොයා ගන්නට පුළුවන් වුවත් තවත් පොල් මලක් කැපීම මහත් අපරාධයක් බව පැවසූ හිතවතකු වහාම මල් ශාලාව කරා ගමන් කළේ වැරදීමකින් ගෙන යන්නට ඇතැයි සැක කළදේ ගෙන ඒමටය.

මල් ශාලා රිය නවතා තිබිණි. පොල් මල හා කුරුම්බා ගෙඩියද එහි විය. එහෙත් පොල් ගෙඩි දෙක එහි නොවීය. තවදුරටත් සොයා බැලීමේදී පොල් ගෙඩි දෙක රියැදුරාගේ පැදියේ මල්ලක බහා තිබී ආපසු දුන්නේය. අමතකවීමෙන් ගෙන ආ නිසා පොල් ගෙඩි දෙක ගෙදර ගෙන යන්නට ගත්තේ පොල් මිල සැලකිල්ලට ගනිමින් බව රියැදුරා හිතවතකුට කියනු ඇසුණේ ඒ අතරය.

 



අදහස් (0)

කනත්තට අරන් ගිය පොල් ගෙඩිය බෑගයකට රිංගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 662 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17741 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 743 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site