කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
පාසලේ දානයේ ඉතිරි වූ ඉවුම්පිහුම් අඩුම කුඩුම පන්සලක නම විකුණා සිය මුලුතැන්ගෙට රැගෙන ගිය අපූරු ආදි සිසුවකු පිළිබඳව පුවතක් ගාලු දිසාවේ ප්‍රධාන නගරයකින් අසන්නට ලැබේ.
පාසලේ ආදි කර්තෘ සැමරීම සඳහා පැවති මහා සාංඝික දානමය පිංකමකි. ඒ සඳහා දානය පිසුවේ පාසලේ කැන්ටිමේය.
දානයට වැඩි මහා සංඝයා පාසලෙන් වැඩියහ. ඒ සමගම ඔහු පැන්නේ පාසලේ කැන්ටිමටය. එහි ඉතිරිව තිබූ ලුණු ඇටේ සිට හාල්, පරිප්පු, එළවළු වැනිදා ඔහු සිය වාහනයේ ඩිකියේ පටවා ගත්තේ දානය සඳහා වෙහෙස මහන්සි වූ කනිටු සේවකයන් ද බලා සිටියදීය. එයින් කිහිප දෙනෙක්ම ‘‘අනේ අපිටත් මොනවා හරි දෙන්න’’ යයි ඔහුගෙන් ඉල්ලුවෝය.
‘‘හනේ මම මේවා ගෙනියන්නේ අසවල් පන්සලට දෙන්න නේ. ඉතින් දෙන්න බැහැනේ’’ යයි ඔහු කියාගෙන මෝටර් රථය පදවාගෙන ගියේය.
රැගෙන ගිය පාසලේ දානයේ ඉතිරි ඉවුම් පිහුම් ද්‍රව්‍ය ඔහු දුන් පන්සලක් ගැන නම් තාමත් ආරංචියක් නැත්තේ ඒවා ඔහු සිය නිවෙසේ දානයට යොදාගත් බව නිසාලු.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පන්සලක නම විකුණා දානයක ඉතුරු බඩු ගෙදර ගෙනිහින්