ලංකාවේ පලතුරුවලට ඉන්දියාවේ වෙළදපොළ සැකසේ
ඉන්දු-ශ්රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ කෘෂි නිෂ්පාදන සඳහා ශ්රී ලංකාවට ලබා දී ඇති සුවිශේෂී තීරුබදු සහන සැලකිල්ලට ගෙන, භාවිතයට නොගත් අපනයන අවස්ථා උපයෝගී කරගෙන අලිගැට පේර සහ පැෂන් ෆෘට්වලට අමතරව අඹ (ඉන්දියාවේ අවාර කාලය තුළ දී), රඹුටන්, කටු අනෝදා යනාදී නිෂ්පාදන ශ්රී ලංකාවෙන් අපනයනය කිරිමට ශ්රී ලංකා සමාගම්වලට අවස්ථාව ලැබී ඇතැයි මුම්බායි හී ශ්රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය කියා සිටී.