
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන SLT-MOBITEL සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන SLT සර්විසස් (පුද්.) සමාගම (SLT-SERVICES) විසින් පසුගියදා 2024/25 ජාතික ව්‍යාපාර නාමාවලිය (The Rainbow Pages) එළිදක්වන ලදී. මෙය රජයේ ප්‍රසම්පාදන කටයුතු සඳහා ද භාවිතා වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට මෙන්ම මහා පරිමාණ සමාගම්වලට ද අතිශයින් වැදගත් වන පරිපූර්ණ සහ වැඩිදියුණු කරන ලද ව්‍යාපාර නාමාවලියකි.
මෙම නාමාවලියේ නවතම සංස්කරණය මුද්‍රිත පොතක් ලෙස මෙන්ම යාවත්කාලීන කරන ලද වෙබ් අඩවියක් සහ අන්තර්-ක්‍රියාකාරී විද්‍යුත් පොතක් යන ඩිජිටල් මාධ්‍ය හරහා මෙන්ම සහ පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථාන සේවාව (SLT දුරකථනයකින් 1212 හෝ Mobitel/Dialog දුරකථනයකින් 444 ඇමතීමෙන්) හරහා ද මෙම ජාතික ව්‍යාපාරික නාමාවලියේ තොරතුරු වෙත පිවිසිය හැකිය.
ශ්‍රී ලංකාවේ එකම ජාතික ව්‍යාපාර නාමාවලිය ලෙස සැලකෙන The Rainbow Pages නාමාවලිය තුළ ව්‍යාපාරික ලැයිස්තුගත කිරීම් 6,000 කට අධික සංඛ්‍යාවක් ඇතුළත්වන අතර, රජයේ හා පෞද්ගලික ආයතන පමණක් නොව ආගමික සිද්ධස්ථානද ඇතුළුව විවිධ ක්ෂේත්‍ර හා කාණ්ඩවලටත් අයත් ආයතන සම්බන්ධ ලුහුඬු දැන්වීම් සහ වෙනත් දැන්වීම් 170,000 කට අධික සංඛ්‍යාවක් ද එහි පළකර තිබේ. එම නාමාවලිය දිනකට මාර්ගගත ක්‍රමයට පරිශීලනය කරනු ලබන වාර ගණන 10,000 කට අධිකය.
ව්‍යාපාරවලට සහ වෙළෙඳුන්ට බලවත් මෙවලමක්: විශ්වාසනීය ව්‍යාපාර මාර්ගෝපදේශයක් වන The Rainbow Pages ව්‍යාපාර නාමාවලිය, ගොඩනැගිලි ද්‍රව්‍ය, ඉදිකිරීම් කටයුතු සහ විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග වැනි ක්ෂේත්‍ර ගණනාවක් සඳහා තහවුරු කරන ලද සම්බන්ධතා තොරතුරු සහ ශක්තිමත් සෙවුම් යාන්ත්‍රණයක් ලබාදෙයි. විශේෂයෙන් B2B ව්‍යාපාර සහ MSMB කාණ්ඩයේ ව්‍යාපාර ඇතුළුව ලැයිස්තුගත ව්‍යාපාරවලට මෙමගින් Search Engine Optimization (SEO) ප්‍රතිලාභ හිමි වන අතර, එමගින් Google වැනි ගෝලීය Search Engines හරහා වඩාත් පහසුවෙන් එම ව්‍යාපාර පිළිබඳ තොරතුරු සොයා ගැනීමට අවස්ථාව හිමි වේ.
රජයේ ප්‍රසම්පාදන අවස්ථා: භාණ්ඩාගාර චක්‍රලේඛයකට අනුව, The Rainbow Pages හි ලියාපදිංචි ව්‍යාපාර රාජ්‍ය අංශයේ ටෙන්ඩර් සඳහා අනුමත සැපයුම්කරුවන් වීමට සුදුසුකම් ලබයි. මෙමගින් ඔවුන්ට නව ව්‍යාපාර අවස්ථා රාශියක් උදා වේ.
2025 දෙසැම්බර් මස 04
288
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
SLT-MOBITEL 2024/25 ජාතික ව්‍යාපාර නාමාවලිය එළිදක්වයි