IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


කොමර්ෂල් බැංකුවට ලංකාපේ ටෙක්නොවේෂන් රන් සම්මාන 5ක්


ශ්‍රී ලංකාවේ ගෙවීම් තාක්ෂණ නවෝත්පාදනයන් හි සිය නායකත්වය තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව 2025 ලංකාපේ ටෙක්නොවේෂන් LankaPay Technnovation සම්මාන උත්සවයේ දී රන් සම්මාන පහක් දිනා ගැනීමට සමත් විය.  

මෙම උත්සවයේදී බැංකුවට, ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය (බැංකු ආයතන) සඳහා වූ සමස්ත සම්මානය සහ ‘වසරේ හොඳම පොදු ATM සක්‍රීය කරන්නා,’ ‘වසරේ වඩාත්ම නව්‍යකරණය වූ බැංකුව,’ ‘වසරේ හොඳම ලංකාපේ කාඩ්පත් ක්‍රියාත්මක කරන්නා’ සහ ‘වසරේ හොඳම ලංකාපේ කාඩ්පත් අත්පත් කරගන්නා’ වූ රන් සම්මාන හිමි විය.

ඊට අමතරව, ‘පාරිභෝගික ගෙවීම් සඳහා වන හොඳම බැංකුව’ ලෙස රිදී සම්මානය සහ ‘වසරේ හොඳම LankaQR සක්‍රීය කරන්නා’ ලෙස ලෝකඩ සම්මානය දිනා ගැනීමෙන් බැංකුව ලැබූ සම්මාන සංඛ්‍යාව හතක් විය. 
ඩිජිටල් ගෙවීම් ක්‍රියාවලියේ වඩාත් කාර්යක්ෂම හා ඵලදායී මූල්‍ය ආයතනයට ලංකාපේ විසින් පිරිනමන ඉහළම පිළිගැනීම වන්නේ ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය සඳහා වන සමස්ත සම්මානයයි. මෙම සම්මානය ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනය මෙහෙයවීම වෙනුවෙන් බැංකුවේ සුවිශේෂී කාර්ය සාධනය, නවෝත්පාදනය සහ කැපවීම පිළිබඳ සාක්ෂියක් වන බව බැංකුව පවසයි.

“මෙම සම්මාන ඩිජිටල් ගෙවීම් විසඳුම් ප්‍රවර්ධනය කිරීම, මූල්‍ය ප්‍රවේශය සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම, සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණට අනුකූලව රටේ ජාතික ගෙවීම් ජාලය වැඩිදියුණු කිරීම සඳහා බැංකුවේ කැපවීම වෙනුවෙන් සුදුසු පිළිගැනීමකි. අපි මෙම අරමුණ සාර්ථක කර ගැනීම සඳහා නවෝත්පාදන කිහිපයක් සංවර්ධනය කර යොදවා තිබෙනවා,” යනුවෙන් බැංකුව විසින් දිනා ගත් මෙම සම්මාන පිළිබඳ කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසීය.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළෙදපොළ බැංකු අංශයේ ඉහළම වෙළෙදපොළ ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම සියයට 100ක් තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.



අදහස් (0)

කොමර්ෂල් බැංකුවට ලංකාපේ ටෙක්නොවේෂන් රන් සම්මාන 5ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 288 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site