
දකුණු ආසියානු රටවල ගුවන් නිරුපද්‍රිතතාව වර්ධනය කිරීම උදෙසා පිහිටුවා ගනු ලැබූ COSCAP - South Asia (Cooperative Development of Operational Safety and Continuing Airworthiness Program – South Asia) සංවිධානයේ 32 වන සමුළුව ඉකුත්දා (22) ඉන්දියාවේ නව දිල්ලියේදී ආරම්භ විය.
සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතාගේ සභාපතිත්වය යටතේ අප්‍රේල් 25 දින දක්වා මෙවර සමුළුව පැවැත්වේ. පසුගිය වසරේ භූතානයේ පාරෝ හි දී පැවති 31 වැනි සැසි වාරයේ දී ඉදිරි දෙවසරක කාලය සඳහා COSCAP - SA වැඩසටහනෙහි සභාපතීත්වය ශ්‍රී ලංකාවට හිමිවිය.
දකුණු ආසියානු කලාපයේ සාමාජික රටවලට අමතරව ගුවන් යානා නිෂ්පාදක සමාගම් මෙන්ම ජාත්‍යන්තර නියාමන සහ පාර්ශවකාර ආයතන රැසක නියෝජිතයන් පිරිසක් තෙදිනක් පුරා නව දිල්ලි නුවර දී පැවැත්වෙන මෙම සමුළුව සඳහා සහභාගී වන අතර මෙවර සමුළුවේ සත්කාරකත්වය දරනු ලබන්නේ ඉන්දියාවයි.
2025 දෙසැම්බර් මස 04
288
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකාවේ සභාපතිත්වයෙන් ඉන්දියාවේදී ජාත්‍යන්තර ගුවන්සේවා සමුළුවක්