IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


Grindlays Regency ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි


Grindlays Regency පෞද්ගලික සමාගම 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී සේවා අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. Grindlays Regency සමාගමේ සභාපති දර්ශන ලියනසේකර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. කුඩා ඔයට යාබදව අලව්ව ප්‍රදේශයේ පිහිටා ඇති Grindlays Regency විශිෂ්ට සහ ගුණාත්මක සේවාවක් සපයන මෙරට ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටලයකි. 

Grindlays Regency හෝටලයේ ඇති Standard, Deluxe සහ Suite යන වර්ග තුනට අයත් සුඛෝපභෝගී කාමර අමුත්තන්ට සුව පහසු අත්දැකීමක් ලැබෙන අයුරින් සැලසුම් කර ඇත. Sapphire සහ Crystal බෝල්රූම්ස්, සම්මන්ත්‍රණ ශාලා, රූෆ්ටොප්, ආපන ශාලා, අලංකාර උද්‍යානය, පිහිනුම් තටාකය සහ මත්පැන්හල හෝටලය සතු අනෙකුත් පහසුකම් අතර වේ. 

දේශීය සහ විදේශීය අමුත්තන්ට සේවා සපයන Grindlays Regency හෝටලය අමුත්තන්ගේ පහසුව පිණිස ගුවන්තොටුපොළේ සිට හෝටලය දක්වාත්, හෝටලයේ සිට ගුවන්තොටුපොළ දක්වාත් ප්‍රවාහන පහසුකම් සපයයි. Grindlays Regency හෝටලය වර්තමානයේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ඇතුළු අවට ප්‍රදේශවල ජනතාවට රැකියා රැසක් සපයා ඇත. 

දේශීය ව්‍යවසායකයන්ට සහ ස්වයං රැකියාවල නිරත වන පුද්ගලයන්ට අතහිත දීමේ අරමුණෙන් හෝටල් පරිශ්‍රය තුළ ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමටත්, සේවා සැපැයීමටත් අවස්ථාව දී තිබීම සුවිශේෂ වේ. හෝටල් ක්ෂේත්‍රයේ නවකයන් වෙනුවෙන් ආගන්තුක සත්කාර වැඩමුළු, වෘත්තීය අධ්‍යාපන සැසි සහ ප්‍රයෝගික අත්දැකීම් ලැබිය හැකි වැඩමුළුද සංවිධානය කරයි. Booking.com පිරිනමන පාරිභෝගික ඇගැයීම් සම්මානය (2020) ඇතුළු සම්මාන රැසක් දිනා ඇති Grindlays Regency හෝටලයේ නිර්මාතෘ ලියනසේකර මහතා 2019දී සබරගමුව පළාතේ හෝටල් සහ සංචාරක අංශයේ විශිෂ්ටම ව්‍යවසායකයා ලෙස සම්මාන ලැබුවේය.



අදහස් (0)

Grindlays Regency ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 275 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2113 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1609 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site