IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


අපනයන සංවර්ධනයට පළාත් මට්ටමෙන් විධිමත් වැඩපිළිවෙළක්

  • දකුණු පළාත මූලික කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් 
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් අපනයන ඉලක්ක කරගත් වැඩසටහන්

ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සදහා පළාත් මට්ටමෙන් ලැබෙන දායකත්වය වැඩි කිරීමේ අරමුණෙන් දකුණු පළාත මූලික කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය උපාය මාර්ග සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය.

මෙම සාකච්ඡාවේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සඳහා දකුණු පළාත් දායකත්වය වඩාත් විධිමත් සහ කාර්යක්ෂම ලෙස ලබා ගැනීම පිණිස ප්‍රාදේශීය සම්පත් අපනයන කර්මාන්තවලට යොදා ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමය. එමෙන්ම, මාතර දිස්ත්‍රික් ලේකම් හා එම දිස්ත්‍රික්කයේ සියලු‍ම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අපනයන සංවර්ධන නිලධාරින් දැනුවත් කිරීමද එහි ප්‍රධාන අරමුණු විය.

මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල, මාතර දිස්ත්‍රික්යේ සියලු‍ම ප්‍රාදේශීය ලේකම්වරුන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ , අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා ඩී. ධර්මසේන, ප්‍රාදේශීය සංවර්ධන අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ඩී.එම්.පී. දිසානායක යන මහත්ම මහත්මීන් අපනයන සංවර්ධන මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් සහ දකුණු පළාතේ අපනයනකරුවන් සහභාගී විය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් අපනයන ඉලක්ක කර ගත් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සහ එය අධීක්ෂණය කිරීම සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය. තවද, එක් අරමුණක් කරා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරන ලදී.

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා තනිව තනිව දකුණු පළාතේ සියලු‍ම අපනයන සංවර්ධන නිලධාරීන් සමග සාකච්ඡා කළ අතර, එහිදී ඔවුන් මුහුණ දෙන අභියෝග, යෝජනා සහ ඉදිරි අපනයන ඉලක්ක සම්බන්ධයෙන් දීර්ඝ සංවාදයකට ලක් විය. අනෙකුත් පළාත්වලද ඉදිරියේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

අපනයන සංවර්ධනයට පළාත් මට්ටමෙන් විධිමත් වැඩපිළිවෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 288 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site