
ආසියා පැසිෆික් ඩිජිටල් අලෙවිකරණ ආයතනය (APIDM) විසින් සිය ඩිජිටල් ඩ්‍රිවන් මාර්කටින් ඩිප්ලෝමා පාඨමාලාව පළමු වරට අවසන් කළ සිසුන්ට ඩිප්ලෝමා පිරිනැමීමේ උත්සවය පසුගියදා පවත්වන ලදී. එම ඩිප්ලෝමාධාරීන්ගෙන් බොහෝ දෙනකු ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයට සුවිශාල බලපෑමක් සිදු කරනු ඇත. උපාධි ප්‍රදානෝත්සවය ප්‍රධාන ආරාධිත අමුත්තා වූ දර්ශන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2009දී eBusiness Academy ලෙස ඇරැඹූ APIDM ආසියාව පුරා ඩිජිටල් අලෙවිකරණ වෘත්තිකයන් සවි බල ගැන්වීමේ ප්‍රමුඛයා වී ඇත. APIDM ශ්‍රී ලංකාව, බංගලිදේශය, කාම්බෝජය සහ මැදපෙරදිග රටවල වෘත්තිකයන් ඩිජිටල් අලෙවිකරණ කුසලතාවලින් සන්නද්ධ කරයි. මීට වසර තුනකට පෙර දියත් කළ ඩිජිටල් ඩ්‍රිවන් මාර්කටින් ඩිප්ලෝමාව විධිමත් අධ්‍යාපනය සහ රැකියා නියුක්තිය අතර පරතරය පියවයි. ශ්‍රී ලංකාවේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) අනුමත කර ඇති මෙම වැඩසටහනෙන් උසස් පෙළ සුදුසුකම් ලත් තරුණ තරුණියන්ට ප්‍රායෝගික හා කර්මාන්ත කේන්ද්‍ර කර ගත් පුහුණුවක් සපයයි.
“APIDM අප හුදු ඩිප්ලෝමාවක් පමණක් පිරිනමන්නේ නැහැ. ඩිජිටල් අලෙවිකරණ විශිෂ්ටත්වයෙන් අනාගතයට සූදානම් වෘත්තිකයන් බිහි කිරීම අපගේ අරමුණයි. පළමු ඩිප්ලෝමාධාරීන් පිරිස ක්ෂේත්‍රයට විශ්වාසයෙන් යුතුව පියවර තබනු දැකීම අපගේ අපේක්ෂාවයි. මෙය ශ්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාවේ ඩිජිටල් අලෙවිකරණ නායකයන් බිහි කිරීමේ ආරම්භය පමණයි.” APIDM ප්‍රධාන විධායක නිලධාරී අමිත අමරසිංහ පැවැසීය. “සියලු ඩිප්ලෝමාධාරීන්ට ඔවුන්ගේ වෘත්තීය ගමන ආරම්භ කිරීමට අපි සුබ පතනවා. මෙම වැඩසටහනේදී ලැබූ දැනුමෙන් සහ කුසලතාවෙන් සන්නද්ධව ඔවුන් ඩිජිටල් ආර්ථිකයට අර්ථවත් දායකත්වයක් සපයනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” ෆීනික්ස් ආයතනයේ අලෙවි සහ සන්නිවේදන ජ්‍යෙෂ්ඨ කළමනාකාර තරිඳු කරුණාරත්න පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
288
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
APIDM සිය පළමු ඩිජිටල් අලෙවිකරණ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පවත්වයි