IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොටස් වෙළෙඳාම සක්‍රීය වන ලකුණු

කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (24) ගනුදෙනු අවසන් වනවිට පිබිදීමක් වාර්තා කළේය. එය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පසු වර්ධනයක් සනිටුහන් කළ පළමු අවස්ථාවය. දැනට බැංකු තැන්පත්වලට ගෙවන පොලිය හා එම පොලිය සඳහා රඳවාගැනීමේ බද්ද ධනෝත්පායන මාර්ගවලදී අවාසි සහගත තැනක පසුවන බව පෙනේ. කොටස් ගනුදෙනුවල දී බදු ප්‍රතිශත සලකා බලන පසු ඉදිරියේ දී ආයෝජකයන් තවත් නැඹුරුවිය හැකිය. 

ඊයේ ගනුදෙනු 11,355 ක් වාර්තා වූ අතර සමාගම් 138ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 71 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 1,471.1ක් වශයෙන් විය. 

සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,615.53 ක් වූ අතර එය දර්ශක 71.64 ක වර්ධනයකි. ගනුදෙනු අවසන් වන විට එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,604.71 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 12.64 ක වර්ධනයක් සේ දැක්විය හැකිය. 

හේමාස් හෝලිඩිං රු. මිලියන 103 ක්, එල්. බී. ෆිනෑන්ස් රු. මිලියන 62 ක්, ඩීමෝ රු. මිලියන 59 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 59 ක්, ඇලුමෙක්ස් රු. මිලියන 58ක්, ලංකා ඇලුමීනියම් රු. මිලියන 56 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 54 ක්, වැලිබල් වන් රු. මිලියන 47 ක්, ඩිප් ප්‍රඩක්ට් රු. මිලියන 42 ක්,සන්ෂයින් හෝල්ඩිං රු. මිලියන 40 ක් හා ජෝන් කීල්ස් රු. මිලියන 40 වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් අගලවත්ත වැවිලි, වැලිබල් වන්, වැලිබල් ෆිනෑන්ස්, සම්පත් බැංකුව හා ඩිප් ප්‍රඩක්ටට් යන සමාගම්වල කොටස් වැඩිම වාර ගණනකින් හුවමාරු වූ බව සඳහන්ය.

නිරීක්ෂක



අදහස් (0)

කොටස් වෙළෙඳාම සක්‍රීය වන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site