IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ආසිරි සෙන්ට්‍රල් සිය පළමු ළමා හෘද සැත්කම සාර්ථකව සිදු කරමින් සුවිශේෂ කඩඉමක් පසුකරයි



දශකයක කාලයක් පුරා සාර්ථකව හෘද සැත්කම් සිදු කර ඇති ආසිරි සෙන්ට්‍රල් රෝහලේ හෘද සත්කාර ඒකකය පසුගියදා ළමයින් සඳහා වන හෘද සැත්කම් වර්ගයක් වන සංජානීය හෘද රෝග සැත්කම් වැඩසටහන ආරම්භ කළේය. 

මේ යටතේ සිදු කරන ලද පළමු Atrial Septal Defect (ASD) හෘද සැත්කම කොළඹ රිජ්වේ ආර්යා රෝහලට සහ ආසිරි සෙන්ට්‍රල් රෝහලට සේවය කරන විශේෂඥ හෘද උරස් ශල්‍ය වෛද්‍ය එම් එස් මුහුන්තන් මහතා විසින් සිදු කරන ලදී.

විශේෂඥ නිර්වින්දන වෛද්‍ය අසිත දසනායක මහතා මෙම සැත්කම සඳහා සිය විශේෂඥතාව සමඟින් දායකත්වය සැපයීය. මෙම සැත්කමේ වියදම, ශ්‍රී ලංකා රජය විසින් ලබාදෙන සුරක්ෂා රක්ෂණ සැලසුම හරහා සිදු කෙරුණු අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ පොරොත්තු ලේඛනයේ දීර්ඝ කාලයක් රැඳී සිටීමට සිදු වී තිබූ මෙම දරුවාටත්, විශේෂයෙන්ම හැකි ඉක්මනින් සැත්කම කරගැනීම සඳහා වෙහෙස වුණු දරුවාගේ මවුපියන්ටත් ආසිරි සෙන්ට්‍රල් රෝහලේ මැදිහත් වීම සුවිසල් අස්වැසිල්ලක් විය. 

“ඉතා අසීරු කාලයක් පසු කරමින් ඉන්න අවස්ථාවකදී අපේ උපකාරයට ඉදිරිපත් වූ ආසිරි සෙන්ට්‍රල් රෝහලේ නිලධාරීන්ට අපි හදවතින්ම ස්තූතිය පුද කරනවා. අපේ කෘතඥතාව වචනයෙන් විස්තර කළ නොහැකි තරම්.” යැයි එම මවුපියෝ සිය අදහස් දක්වා සිටියහ. 

සැත්කම් ක්‍රියාවලියේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය මුහුන්තන් මහතා පැවසුවේ රජයේ සෞඛ්‍ය සේවය හරහා සැත්කම් සිදු කරගැනීමට දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුවන රෝගීන්ට කල් නොයවා සැත්කම් කරගැනීමට අවස්ථාව සලසන මෙම වැඩසටහන ඔවුන්ට විශාල සහනයක් වන බවයි. එමෙන්ම මෙම සැත්කම් ආසිරි සෙන්ට්‍රල් රෝහලේ සිදු කරන ලද පළමු සංජානීය හෘද රෝග සැත්කම වුවද අත්දැකීම්වලින් පිරිපුන් රෝහල් කාර්යමණ්ලයේ දක්ෂතාව නිසා එය ඉතා සාර්ථකව සිදු වූ බව වෛද්‍ය මුහුන්තන් මහතා පැවසීය. 

ආසිරි හෙල්ත් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය මංජුල කරුණාරත්න මහතා ආසිරි හෙල්ත් සමූහයේ දැක්ම අනුව මෙසේ අදහස් දැක්වීය. “ආසිරි හෙල්ත් සමූහයේ මෙහෙවර ලෙස ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍යය සේවාවක් ලබා දීමෙන් ශ්‍රී ලාංකික මහජනතාවගේ ජීවිතවල කැපී පෙනෙන පරිවර්තනයක් සිදු කිරීමයි. රාජ්‍ය අංශය සමඟ සහයෝගීතාවෙන් සිදු කළ මෙම සාර්ථක සැත්කම ඉදිරියේදීත් මේ ආකාරයේ සහයෝගීතාවකින් අපේ රටේ උපකාර අවශ්‍ය පිරිසකට උසස් තත්වයේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ඉතා හොඳ අවස්ථාවක් විවෘත කර දීම ගැන අපි සතුටු වෙමු. එය ආසිරි හෙල්ත් සමූහයේ දැක්ම යථාර්ථයක් බවට පත් කරගැනීමට අනගි සවියක් වනු ඇති”.

ආසිරි සෙන්ට්‍රල් රෝහලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි නිහාල් රත්නායක මහතා මෙසේ පැවසීය. “සංජානීය හෘද රෝග සැත්කම් වැනි සේවාවක් ලබා දීමට හැකි වීම නිසා ආසිරි සෙන්ට්‍රල් රෝහලට ශ්‍රී ලාංකික දරුදැරියන්ගේ වටිනා ජීවිත රැසක් ආරක්ෂා කිරීමට අගනා අවස්ථාවක් ලැබී තිබෙනවා. සැබැවින්ම මෙය ආසිරි සෙන්ට්‍රල් රෝහලේ ගමන් මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙසින් හැඳින්විය හැකියි”. 

ආසිරි හෙල්ත් සමූහයේ සමූහ ව්‍යපාර සංවර්ධන ප්‍රධානී භාතිය ජයසිංහ මහතාද අදහස් දැක්වීමට එකතු වෙමින් මෙසේ පැවසුවේය. “ආසිරි සෙන්ට්‍රල් රෝහලේ සිදු කෙරුණූ පළමු සංජානීය හෘද රෝග සැත්කම සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ රාජ්‍ය පෞද්ගලික අංශ සහයෝගීතාව සාර්ථකත්වය පිළිබඳව හොඳම උදාහරණයක්. මෙම සහයෝගීතාව හරහා රෝගියාට සහ පවුලේ සාමාජිකයන්ට මූල්‍යමය බරක් දැරීමකින් තොරව අත්‍යවශ්‍ය සැත්කම සිදු කරගැනීමටත්, රිජ්වේ ආර්යා ළමා රෝහල වැනි රජයේ රෝහල්වලට අත්‍යාවශ්‍ය සැත්කම් සඳහා සිය පොරොත්තු ලේඛන නිසියාකාරව කළමනාකරණය කරගැනීමටත්, ආසිරි සෙන්ට්‍රල් රෝහලට නවීන තාක්ෂණය යොදා ගෙන මේ ආකාරයේ සැත්කම සිදු කිරීම සම්බන්ධව ප්‍රමුඛත්වයක් අත්පත් කරගැනීමටත් අවස්ථාව උදා වූ ආකාරය දැක්විය හැකියි. ඒ අර්ථයෙන් ගත්කල මේ සැත්කම සියලු‍ දෙනාටම ජයග්‍රහණය හිමි කරදුන් සැත්කමක් වේ. මෙම සැත්කමට අදාළව සම්පත් සම්බන්ධීකරණය, ක්‍රියාවලීන් කාර්යක්ම කරගැනීම, ළමා රෝගියා වෙනුවෙන් අවශ්‍ය සත්කාර ඉක්මනින් ලබා දීම වැනි කටයුතු සඳහා දැවැන්ත උත්සාහයක් දැරීමට සිදු වුණා. එහෙත් සැත්කමේ සාර්ථකත්වය ඒ සියලු‍ උත්සාහයන් ගැන අපට විශාල තෘප්තියක් ලබා දෙන බව පැවසිය යුතුයි”.



අදහස් (0)

ආසිරි සෙන්ට්‍රල් සිය පළමු ළමා හෘද සැත්කම සාර්ථකව සිදු කරමින් සුවිශේෂ කඩඉමක් පසුකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 275 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2113 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1609 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site